දේශය ගොඩනඟන්න අප හා එක්වන්න

ටෝකියෝ සිමෙන්ති සමාගම ආරම්භයේ පටන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සවිබල ගන්වමින් අනුපමේය වූ මෙහෙවරක නිරතව සිටින සමාගමකි.  පාරිභෝගිකයන් වෙත ඉහළම වටිනාකම් පිරිනමමින්, කාර්යක්ෂම බවින් වැඩිම, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ඔවුන් අතට පත් කරන්නට නිරන්තරයෙන් උත්සාහ දැරීම අපගේ සාර්ථකත්වයට හේතුවයි.

නවීන තාක්ෂණය සහ උසස්ම ප්‍රමිතිකරණය සමඟ බද්ධවූ සුපිරි නිෂ්පාදන පෙළක්‌ සමගින් දශක ගණනක් පුරා දිනාගත් පාරිභෝගික විශ්වාසය, නිරන්තරයෙන් අලුත්වන නිපැයුම් රැසක් හඳුන්වාදෙමින් සැමදා එක ලෙස විශිෂ්ට මට්ටමකින් පවත්වා ගන්නට අපි සෑම විටම කටයුතු කරන්නෙමු. මේ නිසාම, අත්තිවාරමේ සිට නිමවා දක්වා දේශයේ සියලු ඉදිකිරීම් සවිගන්වන අපගේ නිෂ්පාදන පෙළ, අද වන විට දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරුණු රටම හඳුනන විශ්වසනීය වෙළඳ නාමයක් බවට පත්ව ඇත.

දේශයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙසින් ආරම්භ කර අනභිභවනීය ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් පැමිණි ගමන්මගේ මේ වනවිට, සිමෙන්ති පමණක් නොව, කොන්ක්‍රීට් සහ විශාල පරාසයක පැතිරුණු සිමෙන්ති ආශ්‍රිත නව්‍ය ඉදිකිරීම් අමුද්‍රව්‍යවලද වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වීමට අපට හැකිව ඇත.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙම සියලු ජයග්‍රහණ පිටුපස ඇති දැවැන්ත ශක්තිය වන්නේ අපගේ ශ්‍රී ලාංකික හැකියාව සහ දක්ෂතාවයන් සමූහයයි.  සැබවින්ම ශ්‍රී ලංකික අනන්‍යතාවයකින් උපන් අප, අපේ රටේ සහජ දස්කම් සහ අප්‍රතිහත ධෛර්යය හැම විටම විශ්වාස කළ සමාගමක් විය. සෑම ශ්‍රී ලාංකිකයෙකුම තුළම ඔහුට හෝ ඇයට ආවේණික කිසියම් හෝ අංශයකින් විශිෂ්ටයෙකු සිටින බවත්, අවශ්‍ය වන්නේ එම විශිෂ්ටත්වය මතු කරගැනීමට සුදුසු වටපිටාවක් පමණක් බවත් අපි විශ්වාස කරන්නෙමු. එකී නිපුණත්වයේ විශිෂ්ටත්වයත්, නිර්මාණශීලීත්වයත් එක් අරමුණක් උදෙසා ඒකරාශී කරමින්, දේශයත්, ජනතාවත් සවිබල ගැන්වීම අපගේ පොරොන්දුවයි. ඒ පොරොන්දුව ඉටු කරන්නට අප සතු සෑම ශක්තියක්ම නොපිරිහෙලා යොදවන්නට අපි ඉඳුරාම ඇපකැප වන්නෙමු.

දේශය ගොඩනඟන අපේ සවියට ඔබේ විශිෂ්ටත්වය එක් කරන්නට මේ අවස්ථාවයි!

Current Vacancies

Warehouse Assistant – Peliyagoda

Successful candidates are required for the position of Warehouse Assistant – (Peliyagoda)

Warehouse Assistant - Peliyagoda *G.C.E. A/L in ant stream. *Minimum of 1 year experience in similar capacity. *Willing to work in any location in the Island. *Good command in English & MS Office. Please e-mail your CV e-mail with names and contact details of two non-related referees & passport size colour photograph (embedded to CV) within 7 days. Please mention the post applied in the subject line of the e-mail. Manager – HR & Administration TOKYO CEMENT CO. (LANKA) PLC. No. 469 1/1, Galle Road, Colombo 03. E-mail: careers@tokyocement.lk

Successful candidates are required for the position of Warehouse Assistant – (Peliyagoda)

Closing Date:01/08/2023

දැනට අප ආයතනයේ රැකියා පුරප්පාඩු නොමැත.

එනමුත්, සෑම විටම දක්ෂ හා කාර්යශූර වෘත්තිකයන් අප කණ්ඩායමට එක් කරගැනීම අපේ අපේක්ෂාවයි. ඔබත් අප හා එක් වීමට කැමති නම්,
ඔබේ විස්තර ඇතුළත් ලිපියක් සමඟ ජීව දත්ත පත්‍රිකාවක් careers@tokyocement.lk විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න. ඔබේ පළපුරුද්ද හා සුදුසුකම්වලට ගැලපෙන ඉදිරි පුරප්පාඩු වෙතොත් ඒ සඳහා කැඳවීම් සිදුකෙරෙනු ඇත.