Video Description

සිව්වන දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ

Island Blueprints සමග මීළඟට අප හා එක්වන ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ භෞමික හා ඉඩ ප්‍රස්ථාමය අභියෝග වලින් පිරි ඉඩමක නිදන කාමර 4කින් යුත් නිවසක් ඉදි කළ හැටි ගැන සාකච්ඡා කළා. අසම්පූර්ණ හා රළු ස්වභාවයන්, චාම් හා සුමට බව සමඟ සුසං‍යෝග වීමෙන් වඩාත් සිත්ගන්නාසුලු නිස්කලංක පරිසරයක් මවන අයුරු විදහාදක්වන නිර්මාණ සංකල්පයකින් හෙබි ‘පාගොඩ නිවස’ වෙනස්ම

පස්වැනි දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී රුවනි ගුරුගේ සහ පුලස්ති විජේකෝන්

අපගේ #IslandBlueprints වැඩසටහන් මාලාවේ නවතම කොටස ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ සැලසුම් කළ, තලවතුගොඩ තදාසන්නව පිහිටි ‘Big Trees Small Plants’ නිවස ගැනයි. කොන්ක්‍රීට් ව්‍යුහයන්ගෙන් සුසැදි අවකාශයන් හරහා සොබාදහමට ‍රිසිසේ ගලායන්නට ඉඩප්‍රස්ථාව සලසමින් ගස්වැල් ගොන්නක් අතරින් ඉහළට එසැවුණු මේ නිවසේ ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය විඳගන්න ඔබත් එක්වන්න.

හයවන දිගහැරුම: නිර්මාණ ශිල්පී ලලින් ජිනසේන

බොල්ගොඩ වැව අසබඩ පිහිටි, වෙනස්ම සෞන්දර්යයකින් හෙබි බොල්ගොඩ නිවස ගැනයි #IslandBlueprints අපේ අවසාන දිගහැරුම. පුළුල් දැක්මකින් යුත් නිමාවකින් ගෘහ නිර්මාණ ශිල්පී ලලින් ජිනසේන අතින් නිමැවුණු මේ ගෘහය සොබාදහමත්, නිවසත් එක්තැන් කරමින් එදිනෙදා දවස නිවාඩු නිකේතනයක ගත කරන්නාක් මෙන් සුන්දර අත්දැකීමකින් කුළු ගන්වනවා.

Episode 1 – Fountain of Life