පළමු දිගහැරුම: ගෘහ නිර්මාණ ශිල්පී පාලින්ද කන්නන්ගර

21 views
අපගේ නවතම වැඩසටහන් මාලාව වන Island Blueprints සමග අපි ගෘහ නිර්මාණ ශිල්පයේ නිම් වළලු පුළුල් කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන් සොයා යනවා. එහි පළමු දිගහැරුම සඳහා අප හා එක් වන්නේ පාලින්ද කන්නන්ගර යි. ඔහුගේ අතින් නිමැවුණු කොළඹ නගරයට ආසන්නයේ පිහිටි මනස්කාන්ත නිවසක ගෘහ නිර්මාණ ආශ්චර්යයක් අපිට මෙලෙස දැකගත හැකි වුණා.