වසර 2025 වනවිට සැමට ජලය ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින්, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නිවාස මිලියන 4.7කට පිරිසිදු පානීය ජලය සපයාදීම සඳහා ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල ගැටළුවට තිරසාර විසඳුමක් සැපයීමේ තවත් මාහැඟි අරමුණක් වන්නේ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු (CKDu) රෝගයෙන් පීඩාවිඳින ගොවි ජනතාවට නැවුම් ජීවන බලාපොරොත්තුවක් ලබාදීමයි. නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ අධ්‍යයනයන්ට අනුව භූගත ජලයේ කිවුල් සහිත බවට අමතරව, පළිබෝධනාශක වැනි කෘෂිකාර්මික දූෂක, ෆ්ලෝරයිඩ්, කැඩ්මියම් සහ ආසනික් වැනි බැර ලෝහ භූගත ජලයේ මිශ්‍රව පැවතීම මීට ඍජුවම බලපාන බව සොයාගැනිනි.
එසේම, රෝගය වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳ දැනුවත් භාවය වැඩිවත්ම ඒවා අනුගමනය කිරීමට ජනතාව පෙළඹීමත්, ආරක්ෂිත පානීය ජලය ලබාගැනීමට ඇති පහසුකම් වැඩිදියුණුවීමත් නිසා රෝගය හටගැනීමේ ප්‍රවණතාවයේ සුළු අඩුවීමක් ද පසුකාලීනව මෙම ප්‍රදේශවල සිදු කරන ලද අධ්‍යයනවලින් දක්නට ලැබිනි.
විශේෂයෙන්ම, රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත් ගම්මානවල වෙසෙන ජනතාවට ප්‍රමාණවත් පිරිපහදු කළ/පිරිසිදු පානීය ජලය සපයාදීම රෝගය වළක්වාගැනීමටත්, අනාගතයේදී රෝගය මුළුමනින් තුරන් කිරීමටත් අත්‍යවශ්‍ය බව මෙහිදී හඳුනාගැනිනි. අපගේ මතු පරම්පරාවන් සුරැකීම සඳහා ගතයුතු මෙම වැදගත් ක්‍රියාමාර්ගය සාර්ථක කරගැනීමට ව්‍යාපාරික ප්‍රජාව සහ ලාභ නොලබන සංවිධාන ද ඇතුලත්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව ගම්වැසියන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමට සහ පිරිසිදු පානීය ජල පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුය.
ටෝකියෝ සිමෙන්ති සමූහය අපේ රටේ තෝරාගත් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත පිරිසිදු ජලය සපයාදෙන ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය දියත් කළේ, අප රටවැසියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහාවන මෙම මහඟු කර්තව්‍යයට උරදීමේ අධිෂ්ඨානය පෙරදැරිවයි.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය මගින් බීමට සුදුසු පිරිසිදු ජලය සපයාගැනීම දැඩි ගැටලුවක්ව පවතින, පොදු පහසුකම් අවම, තෝරාගත් ගම්මානවල අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විශේෂයෙන් සකස්කළ ජල පිරිපහදු පද්ධතීන් ස්ථාපනය කරනු ලබයි. අපගේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් ආයතනයේ ජල විසදුම් අංශයේ විශේෂඥ තාක්ෂණික සහයෝගීතාවය ඇතිව සැලසුම් කරන එම අංගසම්පුර්ණ PureHydro® ජල පිරිපහදු පද්ධතියට, ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීමට අවශ්‍ය ජල ටැංකි සහ පොම්ප ද ඇතුලත්, භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මකව පරීක්ෂාකිරීමෙන් පසු නිර්මාණය කරන විශේෂිත ප්‍රති-ආස්‍රැති ජල පෙරණ (Reverse Osmosis (RO) Water Purification Solution) කට්ටලයන් ඇතුලත් වේ.
ඒ ඒ ගම්මානයේ ග්‍රාම සංවර්ධන සමිති, ගොවි ප්‍රජා සංවිධාන සහ ගම් මට්ටමේ පළාත්පාලන රාජ්‍ය ආයතන වලද නොමසුරු සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිවියට දිය දහරක් සුපිරිසිදු පානීය ජල ව්‍යාපෘතියේ අරමුණ නම්, එම ගම්මානවල වෙසෙන සියළු ගම් වැසියන්ගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරවීමයි.
ජලය ගබඩා කිරීම සඳහා ජල ටැංකි ආදියෙන් සමන්විත ‘දිවියට දිය දෝතක්’ අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතිය ස්ථාපිත කීරීම, නාවක්කුලම වැසියන්ගේ ජීවිත පීඩාවට පත් කළ නිදන්ගත වකුගඩු රෝගයෙන් ඔවුන් මුදවාගැනීම පිණිස ලබාදියහැකි වටිනාම තිළිනය ලෙස හැඳින්විය හැකියි. ප්‍රදේශයේ භූගත ජලයේ තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රති-ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය (Reverse Osmosis (RO) Water Purification) අනුව නිර්මාණය කරන ලද, දිනකට ජලය ලීටර් 5000ක ධාරිතාවයක් සහිත මෙම ජල පෙරණ පද්ධතියෙන් ඔවුන්ගේ දෛනික පානීය ජල අවශ්‍යතාවයන් සපිරෙනු ඇත. පළමු වසර තුන තුළ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිදු කරන ඇති අතර, උතුරුමැද පළාත්සභා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ මගපෙන්වීම ඇතිව, පද්ධතියේ තිරසාර පැවැත්ම හා පානීය ජල ව්‍යාපෘතියෙන් සැළසෙන සේවය සියළු ගම්වැසියන්ට එකසේ අත්වන පරිදි එය කළමනාකරණය නාවක්කුලම ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සිදු කරනු ඇත.
ටෝකියෝ සිමෙන්ති ‘දිවියට දිය දෝතක්’ මීළඟ අදියරේදී ලීටර් 10,000ක ධාරිතාවයෙන් යුත් ප්‍රති-ආස්‍රැති (RO) ජල පිරිපහදු පද්ධති 5ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන 5කට තිලිණ කිරීමට සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටියි. නව වසරේ මැද භාගය වනවිට තවත් මෙවන් සියගණනක් ගැමි ජනතාවට ‘දිවියට දිය දෝතක්’ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වලට නැවුම් බලාපොරොත්තුවක් තිලිණ කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අරමුණයි.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිවියට දිය දහරක් මිහින්තලේ සියඹලාගස්වැව වැසියන්ගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරමින් පිරිසිදු ජලය සමග නැවුම් ජීවිත බලාපොරොත්තුවක් ද තිලිණ කිරීමට සමත්ව ඇත.
ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ / ටෝකියෝ සිමෙන්ති කම්හලේ සාමාන්‍යාධිකාරී වී.එම්. රවින්ද්‍රකුමාර් මහතා සහ, ටෝකියෝ සිමෙන්ති සමූහයේ අලෙවි නියෝජිත ජාලය නියෝජනය කරමින් අනුරාධපුර, කීර්ති ට්‍රේඩර්ස් ආයතනයේ අධිපති කේ. නානායක්කාර මහතා සහ එම මැතිණිය, අනුරාධපුර නව ග්‍රෑන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අධිපති ජේ. එම්. තිරිමාන්න මහතා විසින් සියම්බලාගස්වැව ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කෙරුණි. උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ සියඹලාගස්වැව මිහිඳු ග්‍රාම සංවර්ධන සමිතිය, ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දුන්හ.
ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “අපි දිවියට දිය දහරක් පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ සියලු ජීවීන්ගේ පැවැත්ම සඳහා මූලික අවශ්‍යතාවය වන සුරක්‍ෂිත හා පිරිසිදු පානීය ජලය සැපයීමේ මානුෂීය දැක්ම ඇතිවයි. අපේ රටේ සමහර ග්‍රාමීය ප්‍රදේශවල දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීම සඳහා හොඳ තත්ත්වයේ ජලය අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙනවා. දිවියට දිය දහරක් ව්‍යාපෘතිය හරහා, 2025 වන විට සෑම නිවසකටම පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා රජයට සහයෝගය ලබාදීමට හැකිවීම අපට මහත් සතුටට කරුණක්”.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ අලෙවි නියෝජිත ජාලය නියෝජනය කරමින් අනුරාධපුර, කීර්ති ට්‍රේඩර්ස් ආයතනයේ අධිපති කේ. නානායක්කාර මහතා සහ එම මැතිණිය, අනුරාධපුර නව ග්‍රෑන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ අධිපති ජේ.එම්. තිරිමාන්න මහතා සහ ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ / ටෝකියෝ සිමෙන්ති කම්හලේ සාමාන්‍යාධිකාරී වී.එම්. රවින්ද්‍රකුමාර් මහතා විසින් සියඹලාගස්වැව ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කරන ලදී.
හේන් වගාවට අමතරව මිහින්තලේ මහකන්දරාව වැවෙහි මිරිදිය මසුන් ඇල්ලීම සිය ජීවිකාව කරගත් සියඹලාගස්වැව වැසියෝ පානීය ජලය ලබා ගැනීමේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. අඩු ආදායම්ලාභී ගොවි පවුල් 171කට අයත් මෙම පිරිසෙන් කිහිප දෙනෙකුම හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් බොහෝ කලක පටන් පීඩාවට පත්ව සිටින අතර, මෙම තත්ත්වය ගමේ කුඩා දරුවන්ගේ මෙන්ම අවදානම් වයස්වල පසුවන විශාල පිරිසකගේ ජීවිතවලට විශාල තර්ජනයක් ද එල්ල කර තිබේ.
ටෝකියෝ සිමෙන්ති සමූහය උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා සියඹලාගස්වැව ග්‍රාම සංවර්ධන සමිතිය සමඟ ඒකාබද්ධව, ගම්මානයේ අත්හැර දමා තිබූ පැරණි ජල යෝජනා ක්‍රමය මුළුමණින්ම නවීකරණය කරමින් නව හා වැඩිදියුණු කළ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කරන ලදී. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ පුර්ණ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියට, ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ජල පොම්ප සහ ටැංකි සවි කිරීම සහ, භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද, විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධතියක් (Reverse Osmosis (RO) Water Purification) ස්ථාපිත කීරීම ඇතුලත් විය. දිවියට දිය දහරක් ආරක්ෂිත පානීය ජල ව්‍යාපෘතියේ ප්‍රථිපලයක් ලෙස සියළු ගම් වැසියන්ගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කෙරෙනු ඇත.
සියඹලාගස්වැව මිහිඳු ග්‍රාම සංවර්ධන සමිතියේ නියෝජිත පිරිස සමඟ උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් ටෝකියෝ සිමෙන්ති දිවියට දිය දහරක් පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එක් වූහ.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය මේ වන විට දිනකට ලීටර් 30,000 ක සමුච්චිත ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රාගාර පහක් දිස්ත්‍රික්ක දෙකක ගම්මාන පහක ස්ථාපනය කරමින්, පුද්ගලයින් 3,100 කට වැඩි පිරිසකට පිරිසිදු ජලය සමග නැවුම් ජීවිත බලාපොරොත්තුවක් ද තිලිණ කිරීමට සමත්ව සිටියි. මෙයට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපාණ්ඩියමුනෙයි සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිදන්ගත වකුගඩු රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ තවත් ගොවි ගම්මානයක් වන නාවක්කුලම අයත් වේ. ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරි මාසකිහිපයේදී දිවයින පුරා තෝරාගත් දුශ්කර ගම්මාන කිහිපයක පිරිසිදු පානීය ජල පිරිපහදු පහසුකම් ස්ථාපනය කරමින් දිවියට දිය දහරක් ව්‍යාපෘතිය ව්‍යාප්තිය පුළුල් කිරීමට සැලසුම් කර ඇත.
අප රටේ පිටිසරබද ගම්මානවල ජිවත්වන දහස්ගණනකගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදීමේ මානුෂීය කර්තව්‍යය ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් මෑතකදී දියත් කරන ලද සුවිශේෂී වැඩසටහනකි. අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.
