Filtered Press Release : 2025 Sep


News Image
ජපන් තානාපතිතුමන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සංචාරයක

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ, ටෝකියෝ සිමෙන්ති සමූහයේ තාක්ෂණික හවුල්කරු වන, ජපානයේ Mitsubishi UBE Cement Corporation සමාගම නියෝජනය කරන නාමික සහ විධායක නොවන අධ්‍යක්ෂ මිචියෝ මත්සුඕකා මහතා විසින්, ත්‍රිකුණාමලයේ සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයේ මෙහෙයුම් සහ පරිපාලන මධ්‍යස්ථානය වන ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයේදී ජපන් දූත පිරිස පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ප්‍රගමනයේ සහ කාර්මික සංවර්ධනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නොබෝදා විවෘත කරන ලද, මෙට්‍රික් ටොන් මිලියනයක නිෂ්පාදන ධාරිතාවයකින් යුත් ටෝකියෝ සිමෙන්ති නවතම සිමෙන්ති ඇඹරුම් කර්මාන්තශාලාව මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන තැනක් ගැනිනි. මීට අමතරව, නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලා සංකීර්ණයට අයත් ටෝකියෝ සිමෙන්ති ජැටිය සහ දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමී සලකුණක් වන, ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීනව සම්පූර්ණ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියම බලගන්වන ටෝකියෝ සිමෙන්ති ජෛව ඉන්ධන විදුලි බලාගාරය ද ජපන් දූත සංචාරයට අයත් විය. තවද, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සුභසාදනය සඳහා වන කැපවීම පිළිබිඹු කරන්නාවූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අරමුණු කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන, ත්‍රිකුණාමලයේ ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම ප්‍රජා සවිබලගැන්වුම් මධ්‍යස්ථානය ද තානාපති කාර්‍යාල නිලධාරී මඬුල්ලේ නිරීක්ෂණ සංචාරයට ඇතුළත් විය. දශක හතරකට වැඩි කාලයක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ශක්තිමත් සංකේතයක් ලෙස කටයුතු කරන අතර, පුළුල්ව පැතිරුනු වටිනාකම් ජාලයක් හරහා තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනයක් සඳහා සුවිසල් දායකත්වයක් ලබාදෙයි. කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළ අතිගරු තානාපති ඉසෝමාටා මැතිතුමා, ටෝකියෝ සිමෙන්ති සමාගමේ ශක්තිමත් ව්‍යාපාරික ජයග්‍රහණ පමණක් නොව සමාගමේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය 100%ක් පුනර්ජනනීය විදුලියෙන් ක්‍රියාත්මක කරවීමෙන් පාරිසරික වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට සමාගම දක්වන කැපවීම අගය කලේය. ව්‍යාපාරික ඉලක්කයන්ගෙන් ඔබ්බට සිය සමාජ වගකීම ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ අධ්‍යාපනය සහ හැකියාවන් වැඩිදියුණුකිරීම අරමුණුකරගත් සාර්ථක ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරවීම පිළිබඳව තමා විශේෂයෙන් පැහැදුණු බව ද අතිගරු තානාපති ඉසෝමාටා මැතිතුමා සඳහන් කළේය. ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩල නිලධාරීන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවේ නියැලෙමින් පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් හිමි ටෝකියෝ සිමෙන්ති සමූහය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වඩාත්ම විශ්වාසදායක සැපයුම්කරු ලෙස කීර්තියක් අත්කර ගෙන ඇත. සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට සමාගම කැපවී සිටියි. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාරභාවය පෙරටු කරගත් ව්‍යාපාරික දැක්මකින් යුතුව, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය තහවුරු කරගැනීමට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත්ව සිටියි.–

News Image
‘කර්මාන්ත – විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025’: පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු නවෝත්පාදනයට ටෝකියෝ සිමෙන්ති සවිය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධාන‍ය කල “කර්මාන්ත -විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025” (Industry-University Collaboration Day 2025) පසුගියදා රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (CEWAS) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවතිවිනි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් ඉංජිනේරු විෂයානුබද්ධ විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ දැනුම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරුවට ඉඩප්‍රස්ථාව සැලසීමයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධාන‍ය කල “කර්මාන්ත -විශ්වවිද්‍යාල සහයෝගිතා දිනය 2025” (Industry-University Collaboration Day 2025) පසුගියදා රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (CEWAS) ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවතිවිනි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිවිල් ඉංජිනේරු විෂයානුබද්ධ විශ්වවිද්‍යාලයීය පර්‍යේෂණ දැනුම ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ හුවමාරුවට ඉඩප්‍රස්ථාව සැලසීමයි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක සහ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර සහභාගීව සිටි අතර, සම්මන්ත්‍රණයේ සම්පත් දායකයින් ලෙස සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ පීඨ සාමාජිකයින්, කීර්තිමත් ශාස්ත්‍රීය විශේෂඥයින්, සිවිල් ඉංජිනේරු වෘත්තිකයන්, අතීත සහ වර්තමාන පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යශිෂ්‍යාවන් සහභාගීව සිටියහ. සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සිය ප්‍රධාන දේශනයේදී අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය විද්‍යා දැනුමින් සන්නද්ධ තාක්ෂණවේදීන් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත්, එහිලා පවතින විෂයමාලා යාවත්කාලීන කිරීම තුලින් සියළු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ස්ථාපිත කිරීමේ වැදගත්කමත් අවධාරණය කල අතරම, රටේ වර්තමාන සහ අනාගත සංවර්ධන අවශ්‍යතා අරමුණු කරගත් නවෝත්පාදන බිහිකිරීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට විශ්ව විද්‍යාල වලින් ඉටුකරන අසමසම කාර්යභාරය ඇගයීමට ලක් කළාය. තවද, මෙවන් සහයෝගීතා වැඩසටහන් හරහා කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝගවලට පෙර සූදානමක් ඇති, සැබෑ ලෝකයේ ගැටළු විසඳීමේ කුසලතාවන්ගෙන් සන්නද්ධ, ප්‍රායෝගික චින්තකයින් බිහි කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ගෙන ඇති මෙම ප්‍රශස්ථ උත්සාහය ද අගමැතිතුමියගේ විශේෂ පැසසුමට ලක්විය. සම්මන්ත්‍රණයේදී සිය නව්‍ය සොයාගැනීම් ඉදිරිපත් කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පශ්චාත් උපාධි සහ උපාධි අපේක්ෂක සිසුන් කිහිපදෙනෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන මෙම වාර්ෂික සම්මන්ත්‍රණයේ අරමුණ ඉංජිනේරු උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම, ඵලදායී කර්මාන්ත-ශාස්ත්‍රීය සහයෝගීතාවයන් ගොඩනැගීමට යෙදවීමෙන් සිසුන්ගේ අධ්‍යයන වපසරිය සෛද්ධාන්තික සීමාවලින් ඔබ්බට පුළුල් කරවීමයි. මෙමඟින් ඉංජිනේරු තාක්ෂණයේ සිවිල්, ව්‍යුහාත්මක, භූ තාක්‍ෂණික, ප්‍රවාහන, ජල සම්පත් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව යනාදී සියළු විෂය ක්ෂේත්‍රයන්ට අදාල නව ඉංජිනේරු තාක්ෂණික විසඳුම් සහ නවෝත්පාදන, ව්‍යවහාරික ගැටළු නිරාකරණයට ප්‍රායෝගිකව යොදාගතහැකි ආකාරය පිළිබඳ, රාජ්‍ය අංශ, පර්යේෂණ ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික ඉංජිනේරු සමාගම්, ශාස්ත්‍රීය ප්‍රවීනයන් යන ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සිසුන්ට අදහස් හුවමරු කරගැනීමට වේදිකාවක් සපයනු ලබයි. මෙවර සම්මන්ත්‍රණයේදී ද උපාධි අපේක්ෂකයින් පෝස්ටර් ප්‍රදර්ශන, වාචික ඉදිරිපත් කිරීම් සහ ප්‍රායෝගික සිද්ධි අධ්‍යයන ඇසුරින් විවිධ ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි තම විද්‍යාත්මක සොයාගැනීම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී. වැඩසටහනේ උද්වේගකරම අංගය වූයේ සිසුන් විසින් තම පර්යේෂණ ව්‍යාපෘතිවල සංක්ෂිප්තය, කර්මාන්ත ක්ෂේත්‍රයට ගලපාගන්නා ආකාරය මිනිත්තු දෙකක් ඇතුලත පෙන්වා දෙමින් ඉදිරිපත් කල ඉලක්කගත කෙටි ඉදිරිපත් කිරීම් සමූහයයි. මෙම ඉලක්කගත කෙටි ඉදිරිපත් කිරීම් මඟින් සෛද්ධාන්තික ඉංජිනේරු යෙදවුම් සැබෑ ප්‍රායෝගික අවශ්‍යතා සමඟ පෙළගැසෙන අයුරු තම පර්යේෂණ තුලින් ඉස්මතු කිරීමට සිසුන්ට අවස්ථාව ලැබුනු අතර ඒ හරහා සිසුන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර අර්ථවත් සංවාදයකට මග පෑදීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක ටෝකියෝ සිමෙන්ති සමූහය මෙවර කර්මාන්ත-විශ්ව විද්‍යාල සහයෝගීතා දිනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වීමෙන් වසර ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යයනාංශය සමඟ පවත්වාගෙන එන හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කිරීමට සමත්වූහ. මෙම හවුල්කාරිත්වය හරහා ව්‍යවහාරික පර්යේෂණ දැනුමින් සන්නද්ධ අනාගත ඉංජිනේරුවන් කර්මාන්ත ලොව ජයගැනීමට දිරිමත් කරවීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අපේක්ෂාව විය. තවද, විවිධ කාණ්ඩ වල කොන්ක්‍රීට්, සිමෙන්ති සහ ගොඩනැගිලි අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව විශ්ලේෂණය කිරීම සහ භාවිතයේ පවතින කොන්ක්‍රීට් ව්‍යුහයන්ගේ ශක්තිය මැනබලන (Non-Destructive Testing) අධිතාක්ෂණික පර්යේෂණ පහසුකම් සහිත ටෝකියෝ සිමෙන්ති සමූහයේ ISO 17025 සහතික ලත් ඉදිකිරීම් පර්යේෂණ මධ්‍යස්ථානය (Construction Research Centre) විසින් ගොඩනැගිලි කර්මාන්තයට ලබාදෙන සේවය පිළිබඳ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමද මෙම සම්මන්ත්‍රණයේ දී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය පාරිසරික වගකීම සුරකින තිරසාර ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට හඳුන්වා දී ඇති උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තරුණ ඉංජිනේරු වෘත්තිකයන් සහ ඉදිකිරීම් කර්මාන්තකරුවන් දැනුවත් කිරීමටද මෙය අවස්ථාවක් විය. අධ්‍යයන විශිෂ්ටත්වයෙන් රටේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය වන පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක අගය එකතු කළ නිපැයුම් සන්නාම රැසක නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය එකමුතුවෙන් පැවැත්වුනු මෙම විද්වත් හමුව, අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තබන ලද සුවිශේෂී පියවරකි. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දිශානතිය හසුරුවන විශේෂඥයන්, හැකියාවෙන් සහ දැනුමින් සන්නද්ධ කරවීම අරමුණු කරගත් මෙවන් වැඩසටහන් තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ බලාපොරොත්තුවයි. මෙම ප්‍රයත්නය වැනි රට තුල සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් සමූහයක් ඇසුරින් අපගේ දේශීය ආර්ථිකය පොහොසත් කිරීමට ශක්තිය ලබාදෙමින්, දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දීඇති පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.-

News Image
ටෝකියෝ සිමෙන්ති සමූහයට 2025 තිරසාරත්ව සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන දෙකක්

නොබෝදා පැවති 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාරභාවය වෙනුවෙන් දක්වන්නා වූ අද්විතීය කැපවීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය කීර්තිමත් සම්මාන දෙකක් සමඟින් ඇගයීමට ලක් විය. උළලේ තිරසාර නවෝත්පාදනය සඳහාවූ සම්මානය, අඩු වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතය හේතුවෙන් ගෘහස්ථ වායුගෝලීය ගුණාත්මකභාවය වැඩි දියුණු කරවමින් සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් නිර්මාණයට දායකවීම වෙනුවෙන්, ටොකියෝ සිමෙන්ති සමූහයේ නව්‍ය නිෂ්පාදන

නොබෝදා පැවති 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාරභාවය වෙනුවෙන් දක්වන්නා වූ අද්විතීය කැපවීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය කීර්තිමත් සම්මාන දෙකක් සමඟින් ඇගයීමට ලක් විය. උළලේ තිරසාර නවෝත්පාදනය සඳහාවූ සම්මානය, අඩු වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතය හේතුවෙන් ගෘහස්ථ වායුගෝලීය ගුණාත්මකභාවය වැඩි දියුණු කරවමින් සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් නිර්මාණයට දායකවීම වෙනුවෙන්, ටොකියෝ සිමෙන්ති සමූහයේ නව්‍ය නිෂ්පාදන අතරට එක්වූ අලුත්ම ටයිල් මැලියම් වර්ගය වන TOKYO SUPERBOND Premium Tile Adhesive විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව, තිරසාර ඉදිකිරීම් ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලද සම්මානය, අද්විතීය පරිසර හිතකාමී ඉංජිනේරු සැලසුමකට අනුව ඉදිකරන ලද ප්ලැටිනම් GREEN® Building සහතික ලත් හරිත ගොඩනැගිල්ලක් වන ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයට හිමි විය. TOKYO SUPERBOND Premium Tile Adhesive ටයිල් මැලියම් 2025 ශ්‍රී ලංකා තිරසාර සම්මාන උළෙලේදී තිරසාර නවෝත්පාදනයට හිමි සම්මානය දිනා ගත්තේය. තිරසර අනාගතයක් වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඇති නොසැලෙන කැපවීම අගය කෙරුනු මෙම සම්මාන උළලේදී සමාගමේ ව්‍යාපාරික දැක්ම සමඟ අවියෝජනීයව බැඳුනු පාරිසරික වගකීම, එහි උපාය මාර්ගික මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් ක්ෂේත්‍රයන් හැඩගැස්වීමෙහිලා දක්වන දායකත්වය තවදුරටත් තහවුරු කරනු ලැබීය. 13 වන ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණය (World Construction Symposium) සහ 2025 ශ්‍රී ලංකා තිරසාර සම්මාන රාත්‍රිය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, මහාචාර්ය යසංගිකා සන්දනායක, ආචාර්ය රොහාන් කරුණාරත්න, ඉංජිනේරු සාගර ගුණවර්ධන, ඉංජිනේරු සාලිය කළුආරච්චි සහ කළණ අල්විස් යන මහත්ම මහත්මීහු උළලේ සම්භාවනීය අමුත්තන් අතර වූහ. මෙම වසරේ උත්සවය, මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යාව සහ කළමනාකරණ පර්යේෂණ ඒකකය සහ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders – CIOB) විසින් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ කැපී පෙනෙන තිරසාර උත්සාහයන් අගැයීමට ලක්කිරීමෙන් පරිසර හිතකාමී ව්‍යාපාරික පිළිවෙත් දිරිමත් කිරීම මෙම වාර්ෂික සම්මාන උළෙලෙහි අරමුණයි. 2025 වසරේ තිරසාර ඉදිකිරීම් ව්‍යාපෘති සම්මානයෙන් පිදුම් ලැබූ, බලශක්ති සහ සම්පත් කාර්යක්ෂමතාව අතින් දියුණු පරිසර හිතකාමී නිර්මාණ අංග ඇතුළත් ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය, ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් සහ පරිපාලන මධ්‍යස්ථානයයි. සමාගමට අයත් ISO 17025 සහතික ලත් පර්යේෂණාගාරය, නව නිපැයුම් සංවර්ධන මධ්‍යස්ථානය සහ කොන්ක්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ රසායනාගාර සංකීර්ණය මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක්‍රියාත්මක වේ. ටෝකියෝ සිමෙන්ති ත්‍රිකුණාමල කර්මාන්තශාලා සංකීර්ණය තුල පිහිටි සිමෙන්ති කම්හල් හතරේ නිෂ්පාදන ක්‍රියාවලිය, උසස් ප්‍රමිතියක් සහ ඉහළ ඵලදායිතාවයකින් යුතුව කලමනාකරණය මෙන්ම, සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට පුනර්ජනනීය සුනිත්‍ය විදුලිය සපයන ජෛව ඉන්ධන විදුලි බලාගාර දෙකේ අධීක්ෂණ කටයුතු පාලනය කරන මෙහෙයුම් මැදිරිය ද මෙහි ස්ථාපිත කරඇත. ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය සමාගමේ තාක්ෂණික හා පරිපාලන මෙහෙයුම් මධ්‍යස්ථානයයි. ජලය, විදුලිය ඇතුළු ස්වභාවික සම්පත් පරිභෝජනය අවම කරවන, ඉතා ඉහළ පරිසරහිතකාමී ගෘහනිර්මාණ සැලසුමක් අනුව නිමවා ඇති මෙම තාක්‍ෂණ මධ්‍යස්ථානය, මුළුමනින්ම බලගැන්වෙන්නේ 75KW මුළු ධාරිතාවකින් යුතු සූර්යබල විදුලි පද්ධතියකිනි. මිට අමතරව, වැසි ජලය ගබඩා කිරීම, ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම ද, එසේ එකතු කරගන්නා ජලය, බිඳිති තාක්‍ෂණය යොදාගනිමින්, ඒ අවට පරිසරයේ රෝපිත විශාල ගස්වැල් ප්‍රමාණයක්‌ පෝෂණයට යොදාගැනීම මෙම ගොඩනැගිල්ලේ පරිසරහිතකාමී බව වැඩිදියුණු කිරීමට හේතුවී ඇත. මෙවැනි සුවිශේෂ පාරිසරික සාධක රැසකින් සපිරි මෙම තාක්‍ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රය, සහතිකලත් හරිත ගොඩනැගිල්ලක් ලෙස 2019 දී ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (Green Building Council of Sri Lanka) ඇගයීමට ලක් විය. මෙම තාක්‍ෂණ කේන්ද්‍රයේ තවත් විශේෂත්වයක් වන්නේ, 200ට අධික පිරිසකට රැස්විය හැකි සියළු පහසුකම් වලින් සපිරි අති නවීන ශ්‍රවණාගාරයකින් සමන්විත අධ්‍යාපනික තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාකිරීමයි. උළලේ තිරසාර නවෝත්පාදන සම්මානය දිනාගත් TOKYO SUPERBOND Premium Tile Adhesive ටයිල් මැලියම් යනු, ඉතා අඩු කාබන් අගයක් සහිත සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති (Blended Hydraulic Cement), ශ්‍රේණිගත වැලි, රසායනික පොලිමර් මැලියම් සහ කාබනික ආකලනවල උසස් සංයෝජනයක් සහිත, BS EN 12004 ප්‍රමිතිය යටතේ C2ETS1 පන්තියට අනුකූලව නිපදවා ඇති නවතම ටයිල් මැලියම් වර්ගයකි. එහි ප්‍රශස්ත සංයෝජනය, ටයිල් ඇල්ලීමේදී ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතරම, අඩු කාබන් දර්ශකයක් සහිත සිමෙන්ති අඩුවෙන් භාවිතය හේතුවෙන් පරිසර හිතකාමී බව සැලකිය යුතු ලෙස වැඩි කරයි. රසායනික පොලිමර් මැලියම් භාවිතයෙන් වැඩි නම්‍යශීලී බවක් සහ උසස් බන්ධන ශක්තියක් ලබා දෙන අතර, නිවර්තන දේශගුණයේ ඇතිවිය හැකි විශාල උෂ්ණත්ව වෙනස්වීම් වලට අනුවර්තනය වීමට ඉඩ සලසමින්, ටයිල් ඉරිතැලීම් හා බොල්වීම වළක්වයි. එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සිලයේ 65 g/L සීමාවට වඩා බෙහෙවින් අඩු, 0.36 w/w% (5.2 g/L, ITI විසින් පරීක්ෂා කරන ලද) ක් වන අවම වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතයක් ඇති TOKYO SUPERBOND Premium Tile Adhesive ටයිල් මැලියම්, ගෘහස්ථ අවකාශයන් සඳහා ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්නම තේරීමක් වන අතර, වඩා හොඳ ගෘහස්ථ වායු ගුණාත්මකභාවයක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් ස්ථාපනයට ඉවහල් වේ. ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස, ටෝකියෝ සිමෙන්ති සමූහය සිය පාරිසරික වගකීම සපුරාලනුවස් උපායමාර්ගික ආයෝජනයන් රැසක් සිදු කර ඇති අතර, ඉන් වඩාත් කැපීපෙනෙන ව්‍යාපෘතිය වන්නේ 24MWක ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහනයි. පරිසර සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය සමාගම දක්වන කැපවීම ජීවමාන කරවන මෙවැනි වැඩසටහන් මගින්, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි. දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීම තුලින් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.— ඡායාරූපය: ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය සමාගමේ තාක්ෂණික හා පරිපාලන මෙහෙයුම් මධ්‍යස්ථානයයි.


පසුගිය පුවත් නිවේදන

2025JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec