Filtered Press Release : 2026 Jun


News Image
ලෝක පරිසර දිනය අරුත්ගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගම කඩොලාන පැළ 100,000ක් සිටුවීම සමරයි

ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර ප්‍රජාවන් සහ වෙරළ සංරක්ෂණ ප්‍රජා කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා ලබාදුන් අද්විතීය සහයෝගීතාවය මෙහිදී තුතිපූර්වකව

ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර ප්‍රජාවන් සහ වෙරළ සංරක්ෂණ ප්‍රජා කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා ලබාදුන් අද්විතීය සහයෝගීතාවය මෙහිදී තුතිපූර්වකව සිහිපත් කෙරිනි.

2012 වසරේ දී ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ කඩොලාන පැල තවානක් පිහිටුවීමෙන් ඇරඹි මෙම දූරදර්ශී ව්‍යාපෘතිය, යුධ සමයේදී ආරක්ෂක හේතූන් මත ඉවත් කරන ලද වෙරළබඩ කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය අරමුණු කර ගෙන දියත් කෙරිනි. එහි පළමු පියවර වශයෙන් සංරක්ෂණ විශේෂඥයින්ගේ මඟ පෙන්වීම යටතේ, ටෝකියෝ නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලාවට යාබද අක්කර 20 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි සමාගමේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව කඩොලාන පැළ 17,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී. මෙම මුලපිරීම අද වන විට, දිවයිනේ උතුරු සහ ඊසානදිග වෙරළ තීරය පුරා පුළුල්ව දියත් කර ඇත. ටෝකියෝ සිමෙන්ති කඩොලාන පැල තවාන මඟින් දේශීය කඩොලාන විශේෂ අටකට අයත් පැළ 7,500 ක් වාර්ෂිකව රෝපණය කර බෙදා හැරේ. අදටත් ශ්‍රී ලංකා නාවික හමුදාව නැගෙනහිර, උතුරු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල කඩොලාන වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනු ලබයි.





ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කඩොලාන තවාන වාර්ෂිකව පැළ 7,500කට වඩා රෝපණය කර බෙදා හරියි

මිරිදිය සමඟ මුහුදු ජලය මිශ්‍රවන ගොහොරු පරිසරයට අනුවර්තනය වුනු සුවිශේෂී ශාඛ විශේෂ වලින් සැදුනු සංකීර්ණ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතීන් කඩොලාන ලෙස හැඳින්වේ. ඒවායේ විශේෂයෙන් අනුවර්තනය වුනු මුල් ජාලය මගින් ගංගා ජලයේ ගසාගෙන එන පස් සහ ලවණ අවසාදිත රොන්මඩ මුහුදට සේදී යාම වළක්වනවාසේම උදම් රළ පහරින් ගොඩබිම ඛාදනයවීම ද වළක්වයි. සිය ගණනක් සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම විවිධ උරගයින්, උභයජීවීන් සහ ක්ෂීරපායින් දහස් ගණනකට ද වාසස්ථාන සැපයීමට අමතරව බොහෝ මත්ස්‍ය විශේෂ සිය ජීවන චක්‍රය ආරම්භ කරන්නේ කඩොලාන පරිසරය ආශ්‍රිතව වීම ද ඒවායේ පාරිසරික වටිනාකම වැඩි කරවයි. මෙම අතිවිශේෂ තෙත්බිම් පරිසර පද්ධතිය මත යැපෙන දහස් ගණනක් ජීවීන් අතරට ධීවර හා සංචාරක ඇතුළු වාණිජ කටයුතු සඳහා කඩොලාන පරිසරය භාවිතා කරන වෙරළබඩ මිනිස් ප්‍රජාව ද අයත් වේ.





ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු අර්ධද්වීපය පුරා කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරයි

සංවර්ධන ක්‍රියාකාරකම් මෙන්ම නීති විරෝධී ආක්‍රමණයන් හේතුවෙන් ඉතා සීග්‍රයෙන් විනාශවීමේ දැඩි තර්ජනයකට මුහුණ පා ඇති මෙම සංකීර්ණ ජෛව පද්ධතීන් තිරසාරව කළමනාකරණය කිරීම, ගෝලීය උණුසුම්වීම හේතුවෙන් පෘථිවිය මත වෙසෙන සියලුම ජීවීන්ට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

නැගෙනහිර වෙරළ තීරයේ වටිනා පාරිසරික පද්ධතියක් වන කඩොලාන වනගහනය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් දියත් කෙරුණු ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ සාර්ථකත්වය, රටට සහ අපගේ අනාගත පරපුර වෙනුවෙන් හිමිකර දීමට හැකිවීම ටෝකියෝ සිමෙන්ති සමාගමට මහත් ආඩම්බරයට කරුණකි.

මෙම වැඩසටහනට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම ජීවමාන කරවන මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින්, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.


පසුගිය පුවත් නිවේදන

2026JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec