Filtered Press Release : 2026 Jan


News Image
SUPERBRANDS කිරුළ හිමි එකම සිමෙන්ති සන්නාමය බවට TOKYO SUPER පත්වේ

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන …

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන උළෙලේදී TOKYO SUPER වෙත මෙම ගෞරව නාමය පිරිනමන ලදී.

ඉහළම තත්ත්ව සහතික සහ කාර්‍යසාධන ප්‍රමිතීන් සපුරාලමින් වෙළඳපොළට එන TOKYO SUPER, ඉදිකිරීම් කර්මාන්තයේ අසමසම ගුණාත්මකභාවයක් හිමි නිපැයුමක් ලෙස ස්ථාපිත වී ඇත. දිවයිනේ වඩාත්ම ජනප්‍රිය සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) සහ වෙළඳපොලේ හරිත සහතිකය හිමි ප්‍රමුඛතම සිමෙන්ති වන TOKYO SUPER සං‍යෝග කරනලද ද්‍රාව සිමෙන්ති (BHC) ලෙස පාරිභෝගිකයින් වෙත එන TOKYO SUPER යනු 2025 SUPERBRANDS ජයග්‍රාහකයින් අතර සිටින එකම සිමෙන්ති සන්නාමයයි. තවද, TOKYO SUPER සතු විශ්වසනීය කීර්ති නාමය, කාර්යක්ෂමතාවයෙන් ඉහළ ජල ආරක්ෂක ආලේපන, බිත්ති ප්ලාස්ටර්, කපරාරු මෝටාර් සහ වෙළඳපොළ අංක එකේ ටයිල් මැලියම් ඇතුළු නව්‍ය, වියළි බදාම ආශ්‍රිත ගොඩනැගිලි අමුද්‍රව්‍ය සමූහයක් පුරා පැතිරී ඇත.

දශක ගණනාවක සිට රටේ වඩාත්ම ගෞරවනීය සන්නාම අතර ශ්‍රේණිගතවීම් ලබා ඇති TOKYO SUPER, වෙළඳපොළට ගෙනඑනු ලබන්නේ දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමයක් වන ටෝකියෝ සිමෙන්ති සමූහය‍යි. TOKYO SUPER සිමෙන්ති සන්නාමය ලොව පිළිගත් SUPERBRANDS සම්භාවනාවට පාත්‍රවීම, ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයට වසර 44ක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ලබාදුන් අසහාය නායකත්වය වෙනුවෙන් මෙතෙක් උපයාගෙන ඇති කීර්තිමත් සම්මාන ලැයිස්තුවට එක්වූ ආසන්නතම පිළිගැනුමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ලැයිස්තුගත සිමෙන්ති නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය අනර්ඝ තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක වියළි බදාම ආශ්‍රිත නිපැයුම් පෙළක වෙළඳපොළ ප්‍රමුඛයා වේ. සංවර්ධන ගමන්මගේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සනිටුහන් කරන සුවිශේෂී ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් සැපයීමෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය ජාතිය ගොඩනැගීමේ විශ්වාසදායක සහ ප්‍රමුඛතම් හවුල්කරු ලෙස එහි වෙළඳපොළ නායකත්වය තහවුරු කර ගෙන ඇත.

සුපර්බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා යනු රටවල් 90 ක් පුරා ක්‍රියාත්මක එංගලන්තයේ SUPERBRANDS WORLDWIDE ආයතනයේ දේශීය නියෝජිතයා වන අතර, එය සන්නාම විශිෂ්ඨත්වය අගැයීමට ලක්කරනා ලොව විශාලතම ස්වාධීන තීරකයා වේ. සෑම වසරකම පවත්වනු ලබන පුළුල් පරාසයක පැතිරුනු ගවේෂණ ක්‍රියාවලියක් හරහා ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්නා සන්නාම සඳහා SUPERBRANDS තත්ත්වය පිරිනමනු ලබන අතර, එමඟින් සන්නාමයක කීර්ති නාමයට ලොවම පිළිගත් ගෞරව සහතිකයක් ලබාදේ.

ඡායාරූපය: (වමේ සිට)

ෆ්‍රෑන්ක් ගේබ්‍රියෙල් – සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ), LMD, ෂරිෆුල් ඉස්ලාම් – සභාපති, සුපර්බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා, ඩී.එස්. (බිලී) වල්පොල – අලෙවි අධ්‍යක්ෂ, ටෝකියෝ සිමෙන්ති සමූහය, නිපුන පෙරේරා – අලෙවි කළමනාකාර – ආයතනික සහ අගය එකතු කළ නිෂ්පාදන, ටෝකියෝ සිමෙන්ති සමූහය, බ්‍රයන් එමැනුවෙල් – කළමනාකාර අධ්‍යක්ෂ, LMD


පසුගිය පුවත් නිවේදන

2026JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec