
Ube Industries සමාගම, ජපානයේ සිමෙන්ති නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම එම නිපැයුම් ක්‍රියාවලියේදී භාවිතා වන යන්ත්‍රසුත්‍ර නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල කලාපයේ ඉදිරියෙන්ම සිටින දැවැන්තයෙකි. සිමෙන්ති ක්ෂේත්‍රයට අමතරව රසායන ද්‍රව්‍ය, ප්ලාස්ටික්, බැටරි අමුද්‍රව්‍ය මෙන්ම ඖෂධ නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල ද නියැලෙන Ube Industries සමාගම, විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම අතින් ලොව ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙන සිටියි.
වසර කිහිපයක සිට ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ තාක්ෂණික සේවා සහකරුවකු ලෙස ක්‍රියාකරන ජපානයේ Ube Industries සමාගම, ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට සිය තාක්ෂණික, නව්‍යකරණ සහ විශේෂඥ දැනුම ලබාදෙන බව ඥානම් මහතා වැඩිදුරටත් පැවසීය. මීට අමතරව, ජපානයේ පැවැත්වෙන වාර්ෂික පුහුණු සැසිවාර සඳහා ටෝකියෝ සිමෙන්ති ආයතනයේ තාක්ෂණික නිලධාරීන් සහ මෙහෙයුම් කළමනාකරුවන් සහභාගී කරවීම, මෙම තාක්ෂණික සේවා හුවමාරු ගිවිසුමේ මූලික අංගයකි. තවද, උස් ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් වලදී භාවිතා කරන උසස් ප්‍රමිතියේ කොන්ක්‍රීට් සඳහාම විශේෂිත නිපෝන් සිමෙන්ට්-ප්‍රෝ (NIPPON CEMENT-PRO) සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා, ලොව උසස්ම තත්වයේ ක්ලින්කර් ආනයනය කරනු ලබන්නේ ද ජපානයේ Ube Industries සමාගමෙන් බව ඒ මහතා පැවසීය.
දැනට සමාගම් දෙක අතර පවතින සමීප සබඳතාවය මත ගොඩනැගෙමින්, ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය සහ නිපැයුම් ක්‍රියාවලියේ විශිෂ්ටත්වය ඉහළින්ම පවත්වා ගැනීමට Ube Industries විසින් ලබාදෙන විශේෂඥ දැනුම, මෙම ආයෝජනයත් සමග වඩාත් පුළුල් වනු ඇති බව සමාගමේ විශ්වාසයයි.
ජපානය සමග දීර්ඝකාලීන ව්‍යාපාරික සබඳතා ඇති ටෝකියෝ සිමෙන්ති සමූහය, මේ වනවිට සිය මෙහෙයුම් පුළුල් කිරීමේ විශාල ආයෝජන ව්‍යාපෘතියක් දියත් කොට ඇත. සමාගමේ මුළු සිමෙන්ති නිෂ්පාදන හැකියාව ආසන්න වශයෙන් දෙගුණයකින් වැඩි කිරීම සඳහා නොබෝදා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කරන්නට යෙදුනු නවතම කර්මාන්තශාලාව ආශ්‍රිත ඉදිකිරීම් ඉන් මුල්තැනක් ගනියි. මෙම ව්‍යාපෘතීන් හරහා සිය වෙළඳපොළ නායකත්වය ශක්තිමත් කිරීමට පියවර ගැනීමෙන් කොටස් හිමිකරුවන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය ස්ථිර කිරීමට ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමට හැකිව තිබෙන බව කළමනාකාර අධ්‍යක්ෂක තුමා වැඩිදුරටත් පවසා සිටියි. ඡායාරූපය: ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ S.R. ඥානම් මහතා, ජපානයේ Ube Industries සමාගමේ අධ්‍යක්‍ෂ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ විධායක නිලධාරි තදාශි මත්සුනමි මහතා සමග ත්‍රිකුණාමලයේ නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී.