
අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදන වලින් රටේ අවශ්‍යතාවයන් සපුරාගැනීමට පෙලඹවීමෙන්, අතිවිශාල මෙන්ම වටිනා විදේශ විනිමයක් ඉතා කෙටි කලකදී රටට ඉතිරි කරගැනීමට හැකිව ඇත. මින් දිරිගැන්වුනු දේශීය නිෂ්පාදකයන් බොහෝදෙනෙකු වඩා විශ්වාසයෙන් යුතුව සිය මෙහෙයුම් පුළුල් කිරීමට හා දිගුකාලීන සැලසුම් දියත් කරන්නට පෙළඹ සිටියි. රජයේ ප්‍රායෝගික ප්‍රතිපත්තිමය තීරණයේ සාධනීය ප්‍රතිපලයක් ලෙස දේශීය නිපැයුම්කරුවන්ට ලැබෙන පිටිවහල පෙන්වීමට, ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ එළඹුණු මෙම ආයෝජන ගිවිසුම හොඳම නිදසුනකි.

මෙම ආයෝජන ව්‍යාපෘතිය තුලින් සිය නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමට සමාගම ගෙන ඇති තීරණයෙන් ලැබෙන ප්‍රතිලාභ, සමාගම තුල පමණක් උත්පාදනය වන ඍජු හා වක්‍ර රැකියා අවස්ථාවන් විශාල ගණනට පමණක් සීමා නොවනු ඇත. මින් ලැබෙන උත්තේජනය, දේශීය සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය හා සමීපව බැඳුනු භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් දහස් ගණනක් හරහා පැතිරී යන අතර ඉන් ජනනය වන ආර්ථික ප්‍රතිලාභ රජය අපේක්ෂා කළපරිදි ම අතිවිශාල වනු ඇත.
දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් සපුරාලීමට හැකිවන පරිදි, ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන්, සිය ත්‍රිකුණාමල කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට ටෝකියෝ සිමෙන්ති සමාගම මේ වනවිටත් සිය සැලසුම් සූදානම් කරගෙන සිටියි. වසර එකහමාරක කාල පරාසයක් පුරා දිවෙන මෙම මෙහෙයුම් පුළුල් කිරීමේ සැලසුමට අනුව, ටෝකියෝ සුපර්, නිපොන් සිමෙන්ති සහ නිපොන් ප්‍රෝ සිමෙන්ති සන්නාම යටතේ පාරිභෝගිකයන්ගේ ඉහළතම විශ්වාසය දිනාගත් සාමාන්‍ය පොර්ට්ලන්ඩ් සිමෙන්ති සහ සංයෝග කල ද්‍රාව සිමෙන්ති නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවෙනු ඇත.
දශක ගණනාවක් පුරා, උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමාගම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට කැපවෙමින්, ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටී.