2021 වසරේ හොඳම අලෙවි නියෝජිතයන්ට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් හරසර

2021 වසරේ හොඳම අලෙවි නියෝජිතයන්ට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් හරසර

සිය බෙදාහැරීම් ජාලයේ අති විශිෂ්ඨයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ 2021 අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී නොබෝදා පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින් අතිසාර්ථක ලෙස සිය වෙළඳ ඉලක්ක ජයගත් අලෙවි නියෝජිතයන් මෙම උත්සවයේදී සම්මානයට පාත්‍ර වූහ. සිය සහෝදර වෙළඳ ප්‍රජාව ලබාගත් සාර්ථකත්වය ඇගයීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සංවිධානය කෙරුනු මෙම සමුළුව, කළමනාකාර අධ්‍යක්ෂ, එස්.ආර්. ඥානම්, සමූහ ප්‍රධාන විධායක නිලධාරී, එම්. දයානන්දන්, උපදේශක අධ්‍යක්‍ෂ, ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු සහ සමූහ අලෙවි කළමනාකාර, දශාන්ත උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් සම්භාවනීය අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.



ඉතාමත් අභියෝගාත්මක 2021 වසර පුරා මින්පෙර නොවීවිරූ බාධාවන් රැසක් මධ්‍යයේ, තම පාරිභෝගිකයන්ට විශිෂ්ඨ සේවාවක් ලබාදීම උදෙසා ඇපකැපවී ක්‍රියාකල ටෝකියෝ සිමෙන්ති අලෙවි ජාලයේ සියලුම සාමාජිකයන්හට සිය ප්‍රණාමය පුදකල කළමනාකර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා, එදින ජයග්‍රහණ හිමිකරගත් ව්‍යාපාරික සහකරුවන්ට සිය විශේෂ සුභපැතුම් එක් කළේය. ටෝකියෝ සිමෙන්ති නාමය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අංක.1 බවට පත්කරවීමට දායකවූ ලොකු කුඩා සෑම අලෙවි නියෝජිත ආයතන‍යක්ම සමාගම කෙරෙහි තැබූ දශක හතරක නොසැලෙන විශ්වාසය, ඉදිරියේ එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශක්තිමත් පදනම සපයනු ඇති බව ද එතුමා වැඩිදුරටත් පැවසීය.



සිය අලෙවි නියෝජිතයන්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය වෙනුවෙන් සමාගම ඉදිරියේදීත් කැපවී සිටින බව පැවසූ ඒ මහතා, දිනෙන් දින ඉහළ යන සිමෙන්ති ඉල්ලුම සැපිරීමට හැකිවනු පිණිස ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නැංවීම සඳහා ත්‍රිකුණාමලය කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් මිලියන 1 කින් වැඩි කිරීමේ ව්‍යාපෘතිය සහ ටෝකියෝ සිමෙන්ති කොළඹ පර්යන්තයේ මුළු මෙහෙයුම් ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 1ක් දක්වා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මඟින්, දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන් සඳහා අඛණ්ඩ සිමෙන්ති සැපයුමක් සහතික කිරීමට සුදානමින් සිටින බව පැවසීය.



ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමාගම, උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක නවෝත්පාදන පෙළක් ගෙන එමින් දශක හතරක් පුරා ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටියි. ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනංවමින් අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සමාගමේ දායකත්වය සපයා ඇත. දේශීය ආර්ථිකයේ ප්‍රගමනය උදෙසා රට තුලම සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් තුලින් දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමට ලබාදීඇති පොරොන්දුව ඉටුකිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කැපවී සිටියි.