
කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතරින් කැපීපෙනෙන ප්‍රගතියක් හිමිකරගත් ව්‍යාපාරික දැවැන්තයින් අගයනුවස් සංවිධානය කෙරෙන වාර්ෂික Business Today TOP 30 සම්මාන ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ අවදානය දිනාගත් ප්‍රමුඛතම උත්සවයකි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ විශේෂ අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙවර සම්මාන උළෙලේ දී, ටෝකියෝ සිමෙන්ති සමූහයට හිමි සම්මාන සහතිකය එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන් විසින් පිරිනමනු ලැබීය.
ටෝකියෝ සිමෙන්ති සමාගම දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයම වඩා උසස් තලයකට රැගෙන යන නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති සමාගම, අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමට ඇපකැපවී සිටී.
ජායාරූපය: ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන් විසින් Business Today TOP 30 සම්මානය ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත පිරිනමමින්.