

දිවයින පුරා විසිරී සිටින සියගණනක් වන ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයන් සහ බෙදාහරින්නන් අතරින් 2023 වාර්ෂික අලෙවි නියෝජිත හමුවේ ප්‍රමුඛතම ජයග්‍රාහකයන් ලෙස සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් – යාපනය, අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් – මඩකලපුව, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය සහ එමරල්ඩ් හාඩ්වෙයාර් – උඩුප්පිඩ්ඩි යන ආයතන කිරුළු පැළඳූහ. උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ – එස්.ආර්. ඥානම්, සමූහ ප්‍රධාන විධායක නිලධාරී – එම්. දයානන්දන්, උපදේශක අධ්‍යක්‍ෂ – ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු, සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී – දශාන්ත උඩවත්ත, සහ අලෙවි අධ්‍යක්ෂ – බිලී වල්පොල යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2022 වසර පුරා පැවති ඉතාමත් අවිනිශ්චිත වෙළඳපල තත්ත්වයන් මධ්‍යයේ වුවද, පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින් ව්‍යාපාරික සබඳතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා, ලොකු කුඩා සියළුම අලෙවි නියෝජිතයින් විසින් දැක්වූ කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිනි. මෙම කාලය තුළ මුහුණ පෑ, පෙර නොවූ විරූ වෙළඳ ජාලයේ බිඳවැටීම් නොතකමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමාගම කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් සියළුම ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන්ට කළමනාකාර අධ්යක්ෂ එස්. ආර්. ඥානම් මහතා සිය ගෞරවනීය ස්තුතිය පිරිනැමීය. රට මුහුණපා සිටින දරුණු ආර්ථික තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සිය විකුණුම් ජාලයට අවශ්‍ය සියළු පහසුකම් සලසාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගම නිරතුරුව කැපවී සිටින බව ඥානම් මහතා නැවත අවධාරණය කළේය.


වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, ටෝකියෝ සිමෙන්ති සමූහය තම වෙළඳ නියෝජිත ප්‍රජාව දිරිගැන්වීම උදෙසා සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහනකි. දශක හතරකට වැඩි කාලයක් තම සමාගම කෙරෙහි අලෙවි නියෝජිතයන් විසින් තබා තිබෙන විශ්වාසය වඩාත් තහවුරු කර, ඔවුන්ගේ ඉදිරිගමන ශක්තිමත් කිරීමෙන් මුළුමහත් ඉදිකිරීම් ක්ෂේත්‍රයම වඩාත් ඉහළ තලයකට නැංවීම ටෝකියෝ සිමෙන්ති සමාගමෙහි මූලික පරමාර්ථයයි. සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ප්‍රතිඥා දී ඇති අතර, සමාගමේ අලෙවි නියෝජිත ජාලය එහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
දිවයින පුරා විසිරුණු තම ශක්තිමත් අලෙවි නියෝජිත ජාලය සමඟ එක්ව, ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය ඉදිකිරීම් කර්මාන්තය සැබෑ පරිවර්තනයකට ලක් කරමින් NIPPON CEMENT, TOKYO SUPER, NIPPON CEMENT PRO සහ ATLAS CEMENT වැනි කීර්තිමත් සිමෙන්ති නිෂ්පාදන සහ, දිවයිනේ ප්‍රමුඛතම පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන TOKYO SUPERMIX මෙන්ම, වඩාත් ජනප්‍රිය TOKYO SUPERBOND, TOKYO SUPERSEAL සහ TOKYO SEUPERCAST වලින් පටන් ගන්නා සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පරාසය ඇතුළු විශ්වාසනීය සන්නාම මාලාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.
දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.
ඡායාරූප: පළමු පෙළ ජයග්‍රාහකයින්, ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්යක්ෂ එස්.ආර්. ඥානම් මහතා අතින් සිය සම්මාන ලබාගනිමින්