සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීම උදෙසා සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. මෙහිදී, දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් අතරින්, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත ආයතනයට හිමි සම්මානය දිනාගත් අතර, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, යන ආයතන පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් දිනාගන්නා ලදී. ඊට අමතරව, දැවැන්ත අභියෝග රැසක් හමුවේ 2026 වසර පුරා තම ව්‍යාපාරික ප්‍රගමනයට අඛණ්ඩ සහයෝගයක් ලබාදෙමින් ඉලක්ක සපුරාගත් අලෙවි නියෝජිතයින් 135ක් ද එහිදී ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳූහ.
ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්.ආර්. ඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විචිත්‍රවත් සම්මාන උත්සවයට, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්. දයානන්දන්, සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී දශන්ත උඩවත්ත යන මහත්වරු ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා දිවයිනේ නන්දෙසින් පැමිණි අලෙවි නිලධාරී මහත්මමහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
එදින ජයග්‍රහණය ලැබූ සියලු ව්‍යාපාරික සහකරුවන්ට තම සුභපැතුම් එක් කළ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, පසුගිය වසරේ අත්දැකීමට සිදුවූ ඉතාමත් අවිනිශ්චිත ව්‍යාපාරික වටපිටාව මධ්‍යයේ වුවද, පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව සුරැකීමට ලොකු කුඩා සියළුම අලෙවි නියෝජිතයින් දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුන්ට සිය ගෞරවය පුදකරසිටි අතර, එළඹෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට සමාගමට ලබාදෙන දිරිය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීය.
තම සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබෙන දිවයින පුරා විසිරී සිටින සියළු ව්‍යාපාරික සහකරුවන් වෙත සිය ගෞරවනීය ස්තුතිය පළකළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා උත්සවය අමතමින්, “අපේ මේ ව්‍යාපාරික එකමුතුව සැබවින්ම දශක ගණනාවක් පුරා අතුපතර විහිදුවමින් වැඩෙන දැවැන්ත රුක්ෂයක් වගේ. එහි අරටුව වන්නේ අද මේ රැස්ව සිටින අලෙවි නියෝජිතයින්. එම ගස, අද වනවිට එහි සෙවන ලබන සහ ඒ මත යැපෙන විශාල පරිසර පද්ධතියක් සුපෝෂණය කරනු ලබනවා. අපේ රට, එහි ජනතාව සහ අපේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගන්නා සියළු උත්සාහයන්ට ශක්තිය සපයන්නේ ඔබ විසින් බව මම කියා සිටින්නේ ඉතා ආඩම්බරයෙන්.” බව පැවසීය.
2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත – යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්‍ෂතුමන් අතින් සිය සම්මානය ලබාගනිමින්
2026 වසරේ හොඳම අලෙවි නියෝජිත දෙවන ස්ථානය හිමිකරගත් ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය
2026 වසරේ හොඳම අලෙවි නියෝජිත තුන්වන ස්ථානය හිමිකරගත් නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල
සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ප්‍රතිඥා දී ඇති අතර, රට පුරා පැතිරුනු සමාගමේ අලෙවි නියෝජිත ජාලය එහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
දිවයින පුරා විසිරුණු තම ශක්තිමත් අලෙවි නියෝජිත ජාලය සමඟ එක්ව, ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය ඉදිකිරීම් කර්මාන්තය සැබෑ පරිවර්තනයකට ලක් කරමින් NIPPON CEMENT, TOKYO SUPER, NIPPON CEMENT PRO සහ ATLAS CEMENT වැනි කීර්තිමත් සිමෙන්ති නිෂ්පාදන සහ, දිවයිනේ ප්‍රමුඛතම පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන TOKYO SUPERMIX මෙන්ම, වඩාත් ජනප්‍රිය TOKYO SUPERBOND, TOKYO SUPERSEAL සහ TOKYO SEUPERCAST වැනි නවමු වියළි බදාම නිෂ්පාදන පරාසය ඇතුළු විශ්වාසනීය සන්නාම මාලාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.
දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.–
ඡායාරූපය : 2026 වසරේ හොඳම අලෙවි නියෝජිත පළමු පෙළ ජයග්‍රාහකයින්, ටෝකියෝ සිමෙන්ති සභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්‍ෂතුමා සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී – දශන්ත උඩවත්ත මහතා සමඟ