ඉදිකිරීම් අමුද්‍රව්‍ය පර්යේෂණාගාරය

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අපගේ ඉදිකිරීම් පර්යේෂණ මධ්‍යස්ථානය, අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ස්වාධීන විද්‍යාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ.


කොළඹ 9, ඩැනිස්ටර් ද සිල්වා මාවතේ අංක 865 1/1 දරන ලිපිනයෙහි පිහිටි මෙම පර්යේෂණාගාරයෙදී කොන්ක්‍රීට්, සිමෙන්ති සහ කොන්ක්‍රීට් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සහ ගුණාංග ලොව පිළිගත් විද්‍යාත්මක දර්ශක අනුව පරික්ෂා කර ගැනීමේ හැකියාව පවතින අතර, වඩාත් විශ්වසනීය සහ කඩිනම් සේවාවක් පාරිභෝගිකයන් වෙත සපයන්නට ද ඇපකැප වී සිටියි.

content image
content image

නවීනතම විද්‍යාගාර පහසුකම් යටතේ වඩාත් නිරවද්‍ය සහ ඉක්මන් ප්‍රතිඵල ලබා දීමේ ඇති හැකියාව නිසා ISO 17025 ප්‍රමිති සහතිකයෙන් ද මෙම පර්යේෂණ මධ්‍යස්ථානය පිදුම් ලබා ඇත.


මහල් ගොඩනැගිලි සහ දැවැන්ත ව්‍යාපෘති සඳහා අනුමත විශේෂිත කොන්ක්‍රීට් මිශ්‍රණයන් නිවැරදිව පරික්ෂාවට ලක් කිරීමට ද මෙම මධ්‍යස්ථානයෙන් පහසුකම් සලසයි.


මෙහි ඇති රසායනාගාර පහසුකම් අතර තෙත් බදාමවල ගුණාංග, බදාම සවි වීමේ කාලය සහ එහි ශක්තිය මැනබැලීම, විවිධ කොන්ක්‍රීට් ශ්‍රේණිවල පීඩන ධාරිතාව, ජලධාරිතාවය හා තාපධාරිතාවය මැනීම ආදිය වේ. වැලි ගල් වැනි අමුද්‍රව්‍යවල සියුම් බව මැනිය හැකි උපකරණ ද මීට ඇතුලත් වේ. මෙහි ඇති නවීනතම විද්‍යාත්මක උපකරණ අතර ක්ලෝරයිඩ්, සල්ෆේට් වැනි රසායනද්‍රව්‍ය සහ ජලය විනිවිද යෑමෙන් කොන්ක්‍රීට් බැම්මක දිගුකාලීන පැවැත්මට වන බලපෑම ගණනය කළහැකි උපකරණ ද වේ. සිමෙන්ති හා කොන්ක්‍රීට් වල තත්ත්ව සහතිකකරණයට අමතරව, ගොඩනැගිලි අලංකරණයේදී භාවිතා වෙන ටයිල් මැලියම් වර්ග, බිම් ඇතුරුම් ද්‍රව්‍ය හා ජලනිරෝධක බදාම වර්ග වල තාක්ෂණික සහ රසායනික ප්‍රමිතිය සහතික කිරීමේ පහසුකම් ද මෙම පර්යේෂණාගාරය සතුවේ. තවද, අධිවේගී මාර්ග සහ දැවැන්ත ගොඩනැගිලි සඳහා භාවිත කරන ඉහළ සම්පීඩන ශක්තියක් ඇති කොන්ක්‍රීට් මිශ්‍රණයන්ගේ නියමු සාම්පල ඇසුරින් ඒවායේ දිගුකාලීන ක්‍රියාකාරිත්වය පරික්ෂාවට ලක් කිරීමේ හැකියාවද මෙම රසායනාගාරය සතුවේ.

දක්ෂ සහ පළපුරුදු රසායන විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් පර්යේෂක කණ්ඩායමක් මෙම මධ්‍යස්ථානයේ සේවය කරන අතර, පාරිභෝගික අවශ්‍යතා සහ ගැටලුවලට අවශ්‍ය තාක්ෂණික උපදේශයන් ඔවුන් වෙතින් ලබා ගැනීමේ ද ඉඩකඩ විවෘතව පවතී.


රට පුරා දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් සිදුවෙමින් පවතින මෙවන් වකවානුවක, ගොඩනැගිල්ලක දිගුකාලීන පැවැත්ම මෙන්ම එය භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ සඳහා යොදාගන්නා සිමෙන්ති, කොන්ක්‍රීට් සහ අනෙකුත් සෑම අමුද්‍රව්‍යයකම ප්‍රමිතිය සහතික කිරීම ඉතාමත් වැදගත්වේ. නූතනයේ බොහෝ ඉදිකිරීම්, විශේෂයෙන්ම විදෙස් හවුල්කාරිත්වයෙන් ඉදිවන ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය ලොව පිළිගත් රසායනාගාර පරීක්ෂාවන් තුලින් තහවුරුකිරීම අනිවාර්ය වේ.


එම වැදගත් කර්තව්‍යයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙම පර්යේෂණාගාරය මගින් මහඟු පිටිවහලක් සපයයි.

IOS image
content image

පහත පරීක්ෂණ සියල්ල ජාතික හා අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව සිදුකර දීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානය සතුව ඇත;

Tests & Equipment Available

Aggregate
  • Sieve analysis
  • Flakiness index
  • Elongation index
  • Shape index
  • Soundness testing
  • AIV testing
  • ACV testing
Cement
  • Blaine (Fineness) testing
  • Consistency and setting time testing (Vicat)
  • Soundness testing - using Le-Chatelier apparatus
  • Compressive and flexural strength tests using strength machines
Concrete
  • SSC testing using - L-box, V-funnel, J-ring, Slump flow methods
  • Penetration resistance and setting time testing
  • Air content index - using air meter
  • Compressive and flexural strength tests using strength machines
  • Drying shrinkage testing using a Length compactor
  • Water permeability testing Initial surface testing
  • Initial surface testing
Non-destructive
  • Rebound hammer
  • Chloride penetration testing
  • Bond testing