නාවික හමුදාව ඉදිකළ ත්‍රිකුණාමලයේ දිය යට කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ අතහිත

නාවික හමුදාව ඉදිකළ ත්‍රිකුණාමලයේ දිය යට කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ අතහිත

ශ්‍රී ලංකාවේ අනභිභවනීය සංචාරක අත්දැකීමට තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් එක් කරමින් අපගේ දෙවන දිය යට කෞතුකාගාරය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා විසින් ත්‍රිකුණාමලයේ සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ නිර්මාණ ශිල්පීන් අතින් නිමැවුණු මූර්ති වලින් අලංකාරවත් කරන ලද මෙම කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සිය දායකත්වය සැපයීය. මෑතකදී විවෘත කරනලද ගාල්ලෙ පිහිටි සමුද්‍ර ජීව අභයභූමිය මෙන්ම, දේශීය හා විදේශීය සංචාරකයන්ට සහ සමුද්‍රීය ජෛව විවිධත්වය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට අසමසම කිමිදුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණ ඇතිව ඉදි කරන ලද මෙය, ශ්‍රී ලංකාවේ දෙවැනි දිය යට කෞතුකාගාරයයි.

මෙම දිය යට උද්‍යානයේ දිගුකාලීන පරමාර්ථය වනුයේ, විනාශවීමේ තර්ජනයට මුහුණපා ඇති අපගේ කොරල් සහ අනෙකුත් සාගර ජීවීන් සඳහාම වෙන්වූ ස්වභාවික සමුද්‍ර අභයභූමියක් කාලයාගේ ඇවෑමෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වීමෙන් දේශීය සංචාරක හා ධීවර කර්මාන්තයට ප්‍රතිලාභ සැලසීමයි. සමුද්‍ර උද්‍යානය දැනටමත් සැන්ඩි බේ ප්‍රදේශයට ආවේණික විසිතුරු මසුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත. ඒ සමගම මෙම උද්‍යානය ක්‍රමක්‍රමයෙන් අනෙකුත් මුහුදු ජීවීන් මෙන්ම කොරල් ජනපදවල වාසස්ථානයක් බවට පත්වනු ඇත. මෙම දිය යට කෞතුකාගාරය කිමිදුම් කරුවන් සහ මුහුදු ජීවීන් පිළිබඳ උනන්දුවක් දක්වන ගවේෂකයන් යන දෙඅංශයෙම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



උද්‍යානය අලංකාරවත් කරන මූර්ති නිර්මාණ සඳහා ලවණතාවයට ඔරොත්තු දෙන දියයට ඉදිකිරීම්වලට වඩාත් යෝග්‍ය ටෝකියෝ සුපර් සංයෝග කරන ලද ද්‍රාව්‍ය සිමෙන්ති (TOKYO SUPER Blended Hydraulic Cement) යොදාගෙන ඇත. වගුරුබිම් ආශ්‍රිතව ඉදිකිරීම් සඳහා නිර්දේශිත TOKYO SUPER BHC සිමෙන්තිය සල්ෆේට් සහ ක්ලෝරීන් ඛාදනය වළක්වාලමින් ඕනෑම ඉදිකිරීමක දිගුකාලීන පැවැත්ම සහතික කරයි. තවද, ගල් අඟුරු දහනයේ අතුරු එලයක් වන Fly Ash සංයුතිය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ අඩුම කාබන් දර්ශකය හිමි සිමෙන්තිය ලෙස සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිල්ඩර්ස් (Ceylon Institute of Builders – CIOB) සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (Green Building Council of Sri Lanka – GBCSL) යන ආයතන ද්විත්වයෙන්ම හරිත සම්මාන හිමිකරගෙන ඇති TOKYO SUPER BHC භාවිතයෙන් මුහුදු ජලයට කිසිදු අහිතකර රසායනිකද්‍රව්‍ය එක් වීමද වැළකේ. මෙමගින් මත්ස්‍යයින් සහ කොරල් ඇතුළු මුහුදුජීවින්ගේ පැවැත්මට වඩාත් උචිත පරිසරයක් මෙම සාගර උද්‍යානය තුල සකස්වනු ඇත.



තම සමාගමේ කොරල්පර ප්‍රතිස්ථාපන වැඩසටහනේ දිගුකාලීන සහකරුවෙකු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම දූරදර්ශී උත්සාහයට දායකවීමට හැකිවීම ටෝකියෝ සිමෙන්ති සමාගම ලද අතිමහත් ගෞරවයක් ලෙස සැලකේ. වසර ගණනාවක එම සහයෝගිතාවය තවත් ශක්තිමත් කරමින්, නාවික හමුදාවේ මෙම දියයට කෞතුකාගාරය ආශ්‍රිතව කොරල්පර ස්ථාපනය උදෙසා ද ටෝකියෝ සිමෙන්ති සමාගම දායකවනු ඇත. ඒ අනුව, එම මුහුදු තීරයට ආවේණික ජෛව විවිධත්වයට ගැලපෙන අයුරින් සැකසූ කොරල් තවාන් නඩත්තු කිරීමට හා නියමිත වර්ධන අවධියට එළැඹුණු ළදරු කොරල් ශාඛ උද්‍යානය තුල තැන්පත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමේ කොරල් ප්‍රතිස්ථාපන වැඩසටහනට සම්බන්ධ සාගර ජීවවිද්‍යාඥයින්ගේ දායකත්වය නාවික හමුදාවට හිමිවනු ඇත.



කොරල්පර ප්‍රතිස්ථාපනයට අමතරව නැගෙනහිර වෙරළතීරයේ කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපන කිරීමේ වැඩසටහනක් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය ඇතිව ක්‍රියාත්මක කරනු ලබයි. බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන මෙවන් පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින් ජීවමාන වන අතරම, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම ටෝකියෝ සිමෙන්ති සමූහය තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.