2017
ටෝකියෝ සිමෙන්ති සමාගමේ සමස්ත වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 2.8 දක්වා ඉහළ නංවමින්, මෙට්‍රික් ටොන් මිලියන 1ක ධාරිතාවයක් ඇති අතිනවීන පූර්ණ ස්වයංක්‍රීය, අධිතාක්ෂණික සිමෙන්ති ඇඹරුම් ඒකකයක් ස්ථාපනයත් සමග සමාගමේ නිෂ්පාදන ශක්‍යතාව වැඩිදියුණු කිරීම 2017 මැයි මාසයේ සිදු කෙරිණි.
ඇ.ඩො. මිලියන 50 ඉක්මවූ මෙම ආයෝජනය ව්‍යාපෘතිය යටතේ, සිමෙන්ති පාදක වියලි බදාම ආශ්රිත ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය උදෙසා පූර්ණ ස්වයංක්‍රීය නිෂ්පාදනාගාරයක්, මෙම නවීන කර්මාන්තශාලා ද්විත්වයට අවශ්‍ය බලශක්තිය උත්පාදනයට 8MW ධාරිතාවයෙන් යුතු නව ජෛව ඉන්ධන විදුලි බලාගාරයක් මෙන්ම, ත්‍රිකුණාමළයේ පිහිටි අපගේ පුද්ගලික ජැටිය, විශාල නෞකාවලට පිවිසිය හැකිවන පරිදි විශාලනය කිරීමත්, අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රාශියක් සිදු කරන ලදී.