2021
ටෝකියො සිමෙන්ති සමාගමේ “දිවියට දිය දහරක්” පානීය ජල ව්‍යාපෘතිය මිහින්තලය ප්‍රදේශයේ සියඹලාගස්වැව ජනතාවට පිළිගන්වයි.
සියඹලාගස්වැව ගම්වැසියන් 650 කට ආසන්න පිරිසකට ජීවිතයේ වටිනාම ත්‍යාගය වන පිරිසිදු ජලය ලබාදීමේ අරමුණ ඇතිව, දිනකට ලීටර් 5000 ක ධාරිතාවයකින් යුත් ප්‍රති-ආස්‍රැති (රිවර්ස් ඔස්මෝසිස් – RO) තාක්ෂණය යොදාගනිමින් පිරිපහදුකරණය කරන ලද ජල පවිත්‍රකරණ පද්ධතියක් මෙහිදී ස්ථාපනය කෙරිණි. හේන් වගාවට අමතරව මිහින්තලේ මහකන්දරාව වැවෙහි මිරිදිය මසුන් ඇල්ලීම සිය ජීවිකාව කරගත්, අඩු ආදායම්ලාභී ගොවි පවුල් 171කට අයත් සියඹලාගස්වැව වැසියෝ පානීය ජලය ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී සිටියහ. මින් කිහිප දෙනෙකුම හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් බොහෝ කලක පටන් පීඩාවට පත්ව සිටින අතර, මෙම තත්ත්වය ගමේ කුඩා දරුවන්ගේ මෙන්ම අවදානම් වයස්වල පසුවන විශාල පිරිසකගේ ජීවිතවලට විශාල තර්ජනයක් ද එල්ල කර තිබිනි. උතුරු මැද පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ සියඹලාගස්වැව මිහිඳු ග්‍රාම සංවර්ධන සමිතිය, ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන්හ.