2021
ටෝකියෝ සිමෙන්ති සමූහය, සිය ජාතික වගකීමෙහි තවත් පියවරක් සටහන් කරමින් මහවැලි ගංඉවුරු දෙපස කුඹුක් සහ මී පැළ 200,000 ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සමඟ එක් වේ.
සංවේදී ගංගා රක්ෂිතයන් තිරසාරව සංරක්ෂණ සහ කළමනාකරණය කිරීම අරමුණු කරගත් මෙම “ඉවුරු රකින පවුරු” වැඩසටහන සඳහා අවශ්‍ය කුඹුක් සහ මී පැළ, ත්‍රිකුණාමලය සහ මහියංගනයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් දෙක මඟින් ලබාදේ.