පරිසර හිතකාමී ටෝකියෝ සුපර් BHC සිමෙන්තිය CIOB හරිත සම්මානයට පාත්‍රවේ

පරිසර හිතකාමී ටෝකියෝ සුපර් BHC සිමෙන්තිය CIOB හරිත සම්මානයට පාත්‍රවේ

පරිසර හිතකාමීත්වය හා ශක්තියෙන් වෙළඳපොලේ අංක.1 සිමෙන්තිය වන TOKYO SUPER BHC, සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිල්ඩර්ස් (Ceylon Institute of Builders – CIOB) වෙතින් පිරිනමන හරිත සම්මානය හිමිකරගත් බව සතුටින් දන්වා සිටියි. ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ඉදිකිරීම් සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් කැපවුණු විද්වත් මණ්ඩලයක් වන CIOB ආයතනය, නොබෝදා කොළඹ රමාඩා හෝටලයේදී පවත්වන ලද වාර්ෂික හරිත සම්මාන උළලේදී මෙම රන් සම්මාන සහතිකය ටෝකියෝ සිමෙන්ති සමාගමට පිරිනමනු ලැබීය. CIOB ආයතනයේ විශේෂඥ තාක්ෂණික කමිටුවක් විසින්, ටෝකියෝ සුපර් BHC සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තියේ නිෂ්පාදන ක්‍රියාවලිය, රසායනික සංයුතිය සහ විශේෂයෙන්ම එහි පරිසර හිතකාමී ගුණාංග, ලොව පිළිගත් හරිත ශ්‍රේණිගතකිරීමේ උපමානවලට අනුගතවන ආකාරය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම සහතිකය පිරිනමනු ලැබීය. ඉතා කෙටි කලක් ඇතුලත වෙළඳපොළ ජයගත් TOKYO SUPER BHC සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තිය දැනට ශ්‍රී ලංකාවේ අඩුම කාබන් දර්ශකය හිමි සිමෙන්තියයි. ගල් අඟුරු දහනයේ අතුරු එලයක් වන Fly Ash සංයුතිය නිසා එහි ප්‍රතිචක්‍රීය වටිනාකම ඉහළ වනවා සේම, හුණුගල් ප්‍රතිශතය අඩු නිසා ඒ දහනයෙන් පරිසරයට මුදාහැරෙන CO2 ප්‍රමාණය අවම කරවීමත් නිසා TOKYO SUPER BHC පරිසර හිතකාමීත්වයෙන් අංක.1 බවට පත්වේ. ටෝකියෝ සිමෙන්ති සමාගම, සිය මුළු නිෂ්පාදන ක්‍රියාවලියම පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් සිදුකරන බැවින් TOKYO SUPER BHC නිපදවන්නේ ද ජෛව ඉන්ධන ඇසුරිනි. මෙනිසාම පරිසර හිතකාමී බවින් ඉහළ TOKYO SUPER BHC දැනට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හරිත නිෂ්පාදන අතර ප්‍රමුඛත්වය ලබාගනියි. ඕනෑම ඉදිකිරීම් වැඩකට ලෙහෙසියෙන්ම යොදා ගත හැකි සිමෙන්තියක් වන TOKYO SUPER BHC ශක්ති කාණ්ඩ 42.5 N යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1247:2015 ප්‍රමිති සහතිකය හිමිකරගෙන ඇත. ඊට අමතරව, යුරෝපීය ප්‍රමිති සහතිකකරණයේ BS EN 197-1: 2011 වර්ගීකරණ කාණ්ඩ CEM IV/A (V) 42.5N – SR ප්‍රමිතියට අනුගතවන ලෙස TOKYO SUPER BHC නිපදවා ඇත. නූතන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනිවාර්යයෙන් තිබිය යුතු අන්තර්ජාතික තත්ත්ව සහතික අතරින් ඉහළම පිළිගැනීමට ලක්වන EN ප්‍රමිති සහතිකකරණය TOKYO SUPER BHC සඳහා හිමිවීම, එහි අසමසම ප්‍රමිතිය තහවුරු කරයි. Fly Ash සමග උසස් ප්‍රමිතියේ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති සංයෝග කිරීමෙන් නිපදවන නියම බ්ලෙන්ඩඩ් සිමෙන්තිය වන TOKYO SUPER BHC කාලයත් සමග ශක්තියෙන් වැඩි වේ. අනෙකුත් සිමෙන්ති මෙන් කෙටිකලකින් උපරිම ශක්තිය ලබාගැනීමෙන් නොනැවතී, දින 100 ද ඉක්මවා මෙම සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තියේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් වැඩිවන බව ප්‍රයෝගිකව තහවුරුකර ඇත. මීට හේතුව වන්නේ, Fly Ash අංශුවලින් සෑදෙන වඩාත් සියුම් ක්ෂුද්‍රඅවකාශ නිසා කාලයත් සමග කොන්ක්‍රීට් මිශ්‍රණයේ සංයුක්ත ඝනත්වය ඉහළයාමයි. ජලය සමඟ මිශ්‍ර කිරීමෙන් භාවිතයට ඉතා පහසු සුමට බදාමයක් ලබාදෙන TOKYO SUPER BHC සිමෙන්තිය, Fly Ash අඩංගුවීම නිසාම අනෙකුත් කිසිදු සිමෙන්තියක නොමැති විශේෂාංග රැසකින් ද පිරිපුන් වේ. පළමුව, එහි විශේෂ රසායනික සංයුතිය නිසා මිශ්‍රණයේ තාප ධාරිතාවය ඉහළ වන බැවින්, කොන්ක්‍රීට් උෂ්ණත්වය නිසා සියුම් පැලීම් හටගැනීම වලක්වාලයි. මහල් ගොඩනැගිලි සහ දැවැන්ත ඉදිකිරීම් වලට අවශ්‍ය විශාල කොන්ක්‍රීට් පරිමාවන් සඳහා TOKYO SUPER BHC වඩාත්ම අනුමත කරන්නේ මෙම තාප නියාමන හැකියාව නිසාවෙනි. සිමෙන්ති ඛාදනයට ලක්කරන සල්ෆේට් සහ ක්ලෝරයිඩ් රසායනිකයන්ට ප්‍රතිරෝධය දැක්වීම Fly Ash නිසා ලැබෙන තවත් විශේෂ වාසියකි. මේ හේතුවෙන් කොන්ක්‍රීට් ව්‍යුහයන්ට ලැබෙන දිගුකාලීන ආරක්ෂාව නිසා වෙරළාසන්න, වගුරුසහිත, ජලාශ්‍රිත තෙත්බිම් හෝ නිතරම ජලයෙන් යටවන බිම්වල ඉදිකිරීම් සඳහා TOKYO SUPER BHC ඉතා යෝග්‍ය වේ. විවිධ රසායනික තත්වයන් නිසා මල බැඳීමට ඇති ප්‍රවණතාවය වළක්වාලමින්, කොන්ක්‍රීට් වැරගැන්නුම් වානේ කම්බි වලට උපරිම ආරක්ෂාව ලබාදෙන, කල්පවතින ඉදිකිරීම්වලට හොඳින්ම ගැලපෙන සිමෙන්තිය TOKYO SUPER BHC බව මෙනිසා අවිවාදයෙන් පිළිගැනේ. පාරිසරික වගකීම ඉටුකරන ස්ථිරසාර දැක්මක් ඇති ඉදිකිරීම් කේෂත්‍රයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම උදෙසා, CIOB ආයතනය, ඉංජිනේරුවන්, වාස්තුවිද්‍යාඥයින්, කොන්ත්‍රාත්කරුවන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදකයින් ඇතුළු ඉදිකිරීම් කේෂත්‍රයේ සියලු අංශ සමග එක්ව ක්‍රියාකරයි. ගොඩනැගිලිවල මෙන්ම ඒ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල පරිසරහිතකාමීත්වය තහවුරු කරන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිකරණයක් වන හරිත සහතික ප්‍රදානය, ආයතනයෙන් සිදුකරන වැදගත්ම කාර්යභාරයකි. ජලය හා ඉන්ධන වැනි සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව, සෞඛ්‍ය ආරක්ෂණය, පරිසර දූෂණය අවම කරවීම, පාරිසරික තත්ත්ව කළමනාකරණය විද්‍යාත්මකව සනාථකළ පාරිසරික බලපෑම් විශ්ලේෂණය සහ තාක්ෂණික භාවිතය වැනි උපමාන රැසක් යොදාගනිමින් මෙම TOKYO SUPER BHC සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්තිය සඳහා CIOB හරිත සම්මානය හිමිවීම, අපගේ පරිසරයේ ස්ථිරසාර පැවැත්ම සහතික කරන ඉදිකිරීම් සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම ගන්නා ප්‍රයත්නයේ වැදගත් සන්ධිස්ථානයකි. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති සමාගම, පාරිසරික සංරක්ෂණය සිය ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන සිටියි. අපේ රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම, සිය ප්‍රමුඛතම වගකීම කොට සලකන ටෝකියෝ සිමෙන්ති සමාගම අප රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ පෙරටුගාමී මෙහෙවරක් සිදුකරයි. ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක්‍රියාත්මක කරවන අතරතුර, එහි අතිරික්තය ජාතික විදුලි පද්ධතියට එකතු කරමින් දේශයේ පුනර්ජනනීය විදුලි ජනනය උදෙසා විශාලතම දායකත්වය ලබා දෙන පෞද්ගලික සමාගම ලෙස ටෝකියෝ සිමෙන්ති සමූහය පෙරමුණ ගනියි. අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට සමාගම මේ වනවිට සමත්ව සිටී.