ටෝකියෝ සිමෙන්ති අළෙවි නියෝජිත සමුළුව ත්‍රිකුණාමල කර්මාන්තශාලා පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් මුහුණුවරකින්

ටෝකියෝ සිමෙන්ති අළෙවි නියෝජිත සමුළුව ත්‍රිකුණාමල කර්මාන්තශාලා පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් මුහුණුවරකින්

සිය ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන්ට නවමු අත්දැකීමක් ලබාදෙමින්, ටෝකියෝ සිමෙන්ති සමාගම සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව නොබෝදා සිය ත්‍රිකුණාමල කර්මාන්තශාලා පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි. දිවයින පුරා පැතිරී සිටින ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන් අතරින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන්ට තම ප්‍රණාමය දැක්වීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන මෙම උත්සවයට මෙවර සිය කර්මාන්තශාලාවේ සංචාරයක් එක් කරතිබීම මෙහි විශේෂත්වයයි.



හොඳම අලෙවි නියෝජිත 2019 – යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය සිය කුසලානය ටෝකියෝ සිමෙන්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂතුමන් අතින් ලබාගනිමින්

පසුගිය වසරේ හොඳම ව්‍යාපාරික සහකරුවන් සහ අලෙවි නියෝජිතයන් 200ක් පමණගේ සහභාගිත්වයෙන් පැවති මෙවර සමුළුවේදී 159 ආසන්න ව්‍යාපාර ආයතන සංඛ්‍යාවක් සිය 2018 වසරේ වෙළඳ දක්ෂතාවයන් වෙනුවෙන් සම්මානයට බඳුන් විය. මෙම ජයග්‍රහකයින්ට වසර ආරම්භයේදී වටිනා විදේශ සංචාර ඇතුළු ත්‍යාග රැසක් හිමිකරදෙන ලද අතර, සිය සහෝදර වෙළඳ ප්‍රජාව ඉදිරියේ ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කිරීම උදෙසා මෙම විශේෂ හමුව සංවිධානය කර තිබිණි. යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය මෙහිදී වසරේ හොඳම අලෙවි නියෝජිතට හිමි සම්මාන සහතික දිනාගත් අතර, මඩකලපුවේ අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් ආයතනය දෙවන ස්ථානයත්, කුරුණෑගල නැෂනල් ට්‍රේඩින් ස්ටෝර්ස් ආයතනය තුන්වන ස්ථානයත් මෙහිදී පිළිවෙලින් දිනාගන්නා ලදී.



ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා

ඉතා මෑතකදී විවෘත කෙරුණු ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ඨතා කේන්ද්‍රයේදී පැවති මෙම අලෙවි නියෝජිත සමුළුවට, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම්, අධ්‍යක්ෂ උපදේශක නීතිඥ ක්‍රිස්ටෝෆර් ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී එම්. දයානන්දන්, ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ/කර්මාන්තශාලා සාමාන්‍යධිකාරී වී.එම්. රවින්ද්‍රකුමාර් යන නිළධාරී මහතුන් ප්‍රමුඛ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සේවක සේවිකාවන් රැසක් සහභාගී ව සිටියහ.



සංචාරයට එක්වූ අළෙවි නියෝජිතයන් පිරිසක් ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති සමාගමේ සිමෙන්ති ගබඩා සංකිර්ණ නරබමින්



ත්‍රිකුණාමල වාරයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමට අයත් පෞද්ගලික ජැටියේදී, නෞකාවකින් ක්ලින්කර් ගොඩබාන අයුරු නිරීක්ෂණය කරමින්.

දශක ගණනක් පුරා තම සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබෙන, දිවයින පුරා විසිරී සිටින සියලු ව්‍යාපාරික සහකරුවන් වෙත සිය ගෞරවනීය ස්තුතිය පළකළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා, මෙම කර්මාන්තශාලා සංචාරය සංවිධානය කිරීමේ අරමුණ, ඔවුන්ගේ එම විශ්වාසය වඩාත් තහුවුරු කිරීම බව පැවසීය. මෙසේ ටෝකියෝ සිමෙන්ති සමාගමේ අද්විතීය නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහිදී අනුගමය කෙරෙන අනර්ඝතම තත්ත්ව සහතිකකරණ පිළිවෙත් සියැසින් දැකගැනීමට සැලසීමෙන්, එම නිෂ්පාදන, පාරිභෝගිකයින්ට වඩාත් සමීප කිරීමටත්, ඒ මත සිය ව්‍යාපාරික දියුණුව ගොඩනැංවීමට වෙළඳ නියෝජිතයන්ට හැකිවනු ඇති බවත් එතුමා පැවසීය. විශේෂයෙන්ම, ටෝකියෝ සිමෙන්ති නිජබිම වන ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ ආරම්භයේ සිට, මේ වනවිට සමාගම ලබා ඇති දියුණුවේ පදනම අනර්ඝ තත්වය සහ පාරිභෝගික විශ්වාසය බවත්, මින් ඉදිරියටත් ඒ සඳහා සියලු බාධක අභිබවමින් කැපවන බවත් එතුමා පැවසීය.



ටෝකියෝ ඊස්ටර්න් සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ පිහිටි ආවේනික වනාන්තර ශාඛ පැල තවාන නරඹන වෙළඳ නියෝජිත මහත්වරුන්.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් විසින් ලබාදුන් අංගසම්පුර්ණ විස්තර කිරීම් ඇතුලත් මෙම කර්මාන්තශාලා සංචාරය අතරතුර, එහි මුළු නිෂ්පාදන ක්‍රියාවලියම දැකබලාගැනීමේ අවස්ථාව වෙළඳ නියෝජිතයන්ට සලසා තබිණි. සමාගමට අයත් චීන වාරයේ පිහිටි පෞද්ගලික ජැටියේදී, නෞකාවකින් සිමෙන්ති නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍යයක් වන ක්ලින්කර් ගොඩබෑමේ සිට, තත්ත්ව සහතිකානුකූලව ස්වයංක්‍රීයව සිමෙන්ති ඇඹරීම සහ, උසස් පාරිසරික තත්ත්ව පාලනයක් යටතේ ගබඩා කිරීම යන නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු පියවර මෙන්ම, අවසන් වශයෙන් යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බෑග් වලට පිරවීමත්, එසේ පුරවන ලද සිමෙන්ති කොට්ට යන්ත්‍රානුසාරයෙන් විශාල ප්‍රවාහන ලොරි වලට පිළිවෙලින් අඩුක්කිරිම දක්වා මුළු ක්‍රියාවලියම මෙහිදී ඔවුන්ට දැක ගැනීමට හැකිවිය. මිට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා, ලබාදෙන ඍජු දායකත්වය විස්තරාත්මකව දැක ගැනීමට වෙළඳ නියෝජිතයන්ට මෙහිදී අවස්ථාව සැලසිණි. කර්මාන්තශාලා පරිශ්‍රය තුලම පවත්වාගෙන යන කඩොලාන ශාඛ හරිතාගාරය, රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් ආවේනික වනාන්තර ශාඛ වගා කෙරෙන පැල තවාන මෙන්ම, කොරල් පර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා ගෝලාකාර සැකිළි නිපදවන කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීකරණ අංශය මිට අයත්විණි.

මෙම සමුළුවේ සන්ධ්‍යා කොටස, ටෝකියෝ සිමෙන්ති ව්‍යාපාරික සහකරුවන්, අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් සඳහා විචිත්‍රාංග රැසකින් සපිරි වර්ණවත් ප්‍රියසම්භාෂණයකින් සැදුම්ලත් උද්‍යෝගිමත් සතුටු හමුවක් ලෙස සනිටුහන් විය.