2019
නවක ඉංජිනේරු වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් පළමු වරට සංවිධාන කළ “BUILDING BEYOND 2019” සම්මන්ත්රණය, අගෝස්තු මස 21වන දින BMICHහිදී පවත්වන ලද අතර, මෙම සමුළුව සඳහා විශේෂ කථිකයන් රැසක් ද සහභාගී විය.
ඉංජිනේරු තාක්ෂණය හා සම්බන්ධ නව ප්රවණතා මෙන්ම ක්ෂේත්රයේ සිදුවන වෙනස්වීම් සහ නවෝත්පාදන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. සිවිල් ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් සහ වෘත්තීයවේදීන් 250කට අධික සංඛාවකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්රණය සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ඉංජිනේරු වෘත්තිකයන් සහභාගි විය.