Filtered Press Release : 2018 Nov


News Image
ටෝකියෝ සිමෙන්ති සමූහය 2018 Business Today TOP 30 විශිෂ්ඨතම ව්‍යාපාර අත‍ර එකම සිමෙන්ති නාමය

ටෝකියෝ සිමෙන්ති සමූහය, 2018 Business Today TOP 30 විශිෂ්ඨතම ව්‍යාපාර ගොන්නට අයත් එකම සිමෙන්ති සමාගම ලෙස සම්මානයට පාත්‍රවෙමින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිය අනභිභවනීය නායකත්වය නැවතත් සනාථ කර තිබේ. ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ඨයන් අගයන Business Today TOP 30 සම්මාන ලැයිස්තුවට 2018 වර්ෂය සඳහා අඛණ්ඩ දෙවැනි වතාවටත් ටෝකියෝ සිමෙන්ති සමූහය තෝරාගැනීම, සමාගමේ මුල්‍යමය සහ ව්‍යාපාරික ශක්‍යතාවය වෙනුවෙන්

ටෝකියෝ සිමෙන්ති සමූහය, 2018 Business Today TOP 30 විශිෂ්ඨතම ව්‍යාපාර ගොන්නට අයත් එකම සිමෙන්ති සමාගම ලෙස සම්මානයට පාත්‍රවෙමින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිය අනභිභවනීය නායකත්වය නැවතත් සනාථ කර තිබේ. ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ඨයන් අගයන Business Today TOP 30 සම්මාන ලැයිස්තුවට 2018 වර්ෂය සඳහා අඛණ්ඩ දෙවැනි වතාවටත් ටෝකියෝ සිමෙන්ති සමූහය තෝරාගැනීම, සමාගමේ මුල්‍යමය සහ ව්‍යාපාරික ශක්‍යතාවය වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීමකි. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතරින් කැපීපෙනෙන ප්‍රගතියක් හිමිකරගත් ව්‍යාපාරික දැවැන්තයින් අගයනුවස් සංවිධානය කෙරෙන වාර්ෂික Business Today TOP 30 සම්මාන ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ අවදානය දිනාගත් ප්‍රමුඛතම උත්සවයකි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ විශේෂ අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙවර සම්මාන උළෙලේ දී, ටෝකියෝ සිමෙන්ති සමූහයට හිමි සම්මාන සහතිකය එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන් විසින් පිරිනමනු ලැබීය. ටෝකියෝ සිමෙන්ති සමාගම දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවෙන නාමයකි. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයම වඩා උසස් තලයකට රැගෙන යන නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති සමාගම, අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකට සිය ශක්තිය සපයමින් ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමට ඇපකැපවී සිටී. ජායාරූපය: ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන් විසින් Business Today TOP 30 සම්මානය ටෝකියෝ සිමෙන්ති සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත පිරිනමමින්.


Archive

2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec