Filtered Press Release : 2019 Apr


News Image
දකුණු වෙරළේ කොරල්පර රැකීමට ගුණ ජය සතුට පදනම ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ එක්වේ

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නායකත්වය සපයන කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන, දකුණු වෙරළ තීරයට ව්‍යාප්තකිරීමේ මහඟු මෙහෙවරට දායකවීමට ගුණ ජය සතුට පදනම නොබෝදා අවබෝධතා ගිවිසුමකට එළඹුනහ. අංශ ගණනාවක් ඔස්සේ ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ වසර ගණනාවක් පුරා පවතින සිය සබැඳියාව වඩාත් ශක්තිමත් කරමින් අත්සන් කරන්නට යෙදුනු මෙම ගිවිසුම තුලින්, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka,

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නායකත්වය සපයන කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන, දකුණු වෙරළ තීරයට ව්‍යාප්තකිරීමේ මහඟු මෙහෙවරට දායකවීමට ගුණ ජය සතුට පදනම නොබෝදා අවබෝධතා ගිවිසුමකට එළඹුනහ. අංශ ගණනාවක් ඔස්සේ ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ වසර ගණනාවක් පුරා පවතින සිය සබැඳියාව වඩාත් ශක්තිමත් කරමින් අත්සන් කරන්නට යෙදුනු මෙම ගිවිසුම තුලින්, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka, Dive Seenigama’ කිමිදුම් පුහුණු පාසැල, මින් ඉදිරියට සීනිගම හා හික්කඩුව වෙරළ තීරයේ ලෝ ප්‍රකට කොරල් පරය රැකගැනීමට සිය සක්‍රිය දායකත්වය ලබාදෙනු ඇත. ගුණ ජය සතුට පදනමේ සීනිගම කිමිදුම් පුහුණු පාසැල මෙම ක්‍රියාන්විතයට එක්වීමත් සමගම, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු සාගර සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන Blue Resources පදනම සහ වනජීවි පර්යේෂණ සහ සංරක්ෂණ භාරය (Wildlife Research and Conservation Trust) එකමුතුවෙන් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගෙනයන කොරල් පර සංරක්ෂණ වැඩසටහන, වඩාත් පුළුල් භූගෝලීය පරාසයක් ආවරණය වන පරිදි ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත. ගුණ ජය සතුට පදනමේ ආරම්භක සභාපති/ප්‍රධාන භාරකාර කුශිල් ගුණසේකර මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ S.R. ඥානම් මහතා, ආයතන දෙකෙහි නියෝජිතයින් සමඟ. මෙම පියවරත් සමග, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka, Dive Seenigama’ කිමිදුම් පුහුණු පාසැලේ සාමාජිකයන්, තම ජීවිතයේම කොටසක් වන් දකුණු වෙරළ තීරයේ සීනිගම සිට හික්කඩුව දක්වා වූ කොරල් පරය සංරක්ෂණයට කැපවෙනු ඇත. කුඩා දරුවන්ව සිටියදී 2004 සුනාමි ව්‍යසනයේ රුදුරු මුහුණුවර සියැසින් දැකඇති ඔවුන්ගෙන් බොහෝදෙනෙකුගේ අද දවසේ ජිවනෝපාය මාර්ගය වන්නේද මෙම කොරල් පරය ආශ්‍රිත සුන්දර වෙරළ තීරයයි. එය රැකගැනීමේ වැදගත්කම හොඳින්ම දන්නා ඔවුන්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙම ව්‍යාපෘතියට සිය දායකත්වය සපයන්නේ දැඩි උද්‍යෝගයකිනි. මෙම වැඩසටහනට සමගාමීව, ගුණ ජය සතුට පදනමේ කිමිදුම් පුහුණු පාසැලේ සාමාජිකයන් වෙනුවෙන් කොරල් සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය පිළිබඳ පුහුණු සැසිවාර කිහිපයක් ටොකියෝ සිමෙන්ති සමාගම විසින් දැනටමත් පවත්වා ඇති අතර, ඉදිරියේදී WRCT භාරය සහ Blue Resources පදනමේ මගපෙන්විමෙන් ප්‍රයෝගික මෙහෙයුම් වලට ඔවුන් සම්බන්ධවෙනු ඇත. කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සිදුකරනු ලබන පාරිසරික සංරක්ෂණ ක්‍රියාන්විතයේ ප්‍රමුඛතම ස්ථානයක් ගනී. සාගර සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රයේ ඒ ඒ අංශ වල විශේෂඥ දැනුමැති කණ්ඩායම් කිහිපයකින් සැදුම්ලත් එකමුතුවකට නායකත්වය සපයන ටෝකියෝ සිමෙන්ති සමාගම විසින්, සිය සම්පත් දායකත්වය සහ මග පෙන්වීම යටතේ විද්‍යාත්මක පදනමක් මත පිහිටි වඩාත් ස්ථිරසාර මෙන්ම ප්‍රයෝගික කොරල් සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත. ගුණ ජය සතුට පදනමේ සීනිගම කිමිදුම් පුහුණු පාසැලේ සාමාජිකයින් වෙනුවෙන් WRCT භාරය සහ Blue Resources පදනම විසින් මෙහෙයවූ පුහුණු සැසිවාරයක්. ටෝකියෝ සිමෙන්ති සමාගම, කාලයක පටන් තම ප්‍රමිතිකරණ ක්‍රියාවලියේදී අපතේ යන කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන්, Reef Ball ලෙස හැඳින්වෙන, කොරල් වර්ධනයට උපස්තර ලෙස යොදාගන්නා සිදුරු සහිත අර්ධ ගෝලාකාර කොන්ක්‍රීට් සැකිලි නැගෙනහිර වෙරළාශ්‍රිත මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදු කරයි. WRCT භාරය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සහ Blue Resources පදනම යන කොටස්කරුවන් සමග එක්ව නැගෙනහිර සිට යාපනය දක්වා වූ වෙරළ තීරයේ මෙම කොන්ක්‍රීට් සැකිලි තැන්පත් කිරීම සිදුකරනු ලබයි. තවද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන සෑම වෙරළක් ආශ්‍රිතවම වැඩසටහනට සම්බන්ධ සාගර ජීවවිද්‍යාඥයින්ගේ අනුදැනුම ඇතිව එම මුහුදු තීරයට ආවේණික ජෛව විවිධත්වයට ගැලපෙන අයුරින් සැකසූ කොරල් තවාන් නඩත්තු කිරීමද සිදුකෙරේ. නියමිත වර්ධන අවධියට එළැඹුණු ළදරු කොරල් ශාඛ Reefball ව්‍යුහයන් මත හෝ පවතින පරය මත තැන්පත් කිරීම නාවික හමුදාව ඇතුළු අනෙක් පාර්ශ්වකරුවන් සහ ස්වේච්ඡා පරිසරවේදීන්ගේ සහය ඇතිව සිදුකෙරේ. දැනට පවතින සහ අලුතින් ප්‍රතිස්ථාපන කළ කොරල් ගහනයේ ව්‍යාප්තිය පිළිබඳ දත්ත සමීක්ෂණයට අමතරව, අනෙකුත් සාගර ජීවවිද්‍යාඥයින් සමග පර්යේෂණය දැනුම හුවමාරුව, වැඩසටහනට අලුතින් එක්වන කිමිදුම්කරුවන්ට පුහුණුව ලබා දීම හා මහජනතාව, ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව සහ පාසල් ළමුන් ඉලක්ක කරගත් අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීමද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ. ව්‍යාපෘතියට සම්බන්ධ සාගර ජීවවිද්‍යාඥයින් විසින් ගුණ ජය සතුට පදනමේ කිමිදුම්කරුවන්ට කොරල් තවාන් නඩත්තුව පිළිඹඳව ප්‍රයෝගික පුහුණුව ලබාදෙමින්. මෙම වැඩසටහනට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. එවන් තවත් ව්‍යාපෘතියක් නම්, සමාගම විසින් සිදු කරන කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනයි. මේ මගින් අනුපමේය පාරිසරික වටිනාකමක් උසුලන නමුත් දැඩිව වඳවීමේ තර්ජනයට මුහුණපා තිබෙන නැගෙනහිර වෙරළේ කඩොලාන ශාඛ නැවත වගා කිරීම සිදු කෙරේ. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින් ජීවමාන වන අතරම, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ දිගුකාලීන හිතවතෙකු වන, ගුණ ජය සතුට පදනම මෙම දූරදර්ශී පරිසරික සංරක්ෂණ ව්‍යාපෘතියට එක්වීමෙන් එම වැඩසටහනට නව පන්නරයක් ලැබෙනු ඇත. ගුණ ජය සතුට පදනම යනු ටෝකියෝ සිමෙන්ති සමාගම මෙන්ම, අපේ රට, අපේ මිනිසුන්, අපේ පරිසරය ස්ථිරසාර අන්දමින් නඟාසිටුවීමට ඇපකැපවී සිටින පුණ්‍යායතනයකි. ගුණ ජය සතුට පදනම, ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව, දිවයින පුරා පිහිටි ‘ගැමි හදගැස්ම ව්‍යාපෘති’ මධ්‍යස්ථාන 9ක් හා බැඳුනු ගම්මාන 300ක ප්‍රතිලාභීන් 28,000කට අධික සංඛ්‍යාවක් උදෙසා, අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රවර්ධන අංශ 30ක් පුරා විහිදුනු වැඩසටහන් රැසක් නොමිලයේ ක්‍රියාත්මක කරයි.


Archive

2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec