ටෝකියෝ සිමෙන්ති BUILDING BEYOND 2019 සම්මන්ත්‍රණය ඉංජිනේරු සිසුන්ට ප්‍රයෝගික දැනුම රැගෙන එයි

ටෝකියෝ සිමෙන්ති BUILDING BEYOND 2019 සම්මන්ත්‍රණය ඉංජිනේරු සිසුන්ට ප්‍රයෝගික දැනුම රැගෙන එයි

විශ්විද්‍යාල සිසුන්ට ප්‍රායෝගික ඉංජිනේරු දැනුම ලබාදීමේ අරමුණ ඇතිව ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සංවිධානය කෙරුණු BUILDING BEYOND 2019 ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය BMICHහිදී නොබෝදා පැවැත්විණි. ඉංජිනේරු ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීනයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවට, මොරටුව, පේරාදෙණිය, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT) යන විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨවලට අනුයුක්ත තුන්වන සහ අවසන් වසරේ සිසුන් මෙන්ම දැනටමත් ක්‍ෂේත්‍රයේ නියුතු ඉන්ජිනේරු වෘත්තීයවේදීන් ඇතුළු 250කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවසිටියහ. BUILDING BEYOND 2019 ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණයට පැමිණසිටි විශ්විද්‍යාල සිසුන් සහ ඉංජිනේරු වෘත්තිකයන් ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපනයේ නියුතු සිසුන්ට, ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන්ගේ දැනුම බෙදාදීමට පවත්වන ලද මෙම ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණයේ විශේෂත්වය වූයේ ජපානයේ හෝකයිදෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මයිකල් හෙන්රි මහතා විසින් පවත්වන ලද දේශනයයි. තායිලන්තයේ සහ මියන්මාරයේ පාලම් ආශ්‍රිතව කරනලද පර්යේෂණ මාලාවක් ඇසුරින් සොයාගන්නා ලද, ‘මගීපාලම්වල කල් පැවැත්මට බලපාන ඉංජිනේරුමය ගැටළු නිරාකරණය සඳහා අනුගමනය කළහැකි ප්‍රයෝගික සැලසුම්’ එතුමන්ගේ දේශනයේ මාතෘකාව විය. ජපානයේ හෝකයිදෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මයිකල් හෙන්රි මහතා BUILDING BEYOND 2019 ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්ය හෙන්රිට‍ අමතරව, ශ්‍රී ලංකා ගොඩනැගිලි කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී/ මහලේකම් ඉංජිනේරු. නිශ්ශංක විජේරත්න මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉංජිනේරු. ශ්‍රීලාල් සහබන්දු මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්‍ෂ ආචාර්ය M.G.M.U. ඉස්මයිල් මහතා මෙහිදී දේශන පැවැත්වූහ. ශ්‍රී ලංකා ගොඩනැගිලි කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී/ මහලේකම් ඉංජිනේරු. නිශ්ශංක විජේරත්න මහතා BUILDING BEYOND 2019 ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය අමතමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉංජිනේරු. ශ්‍රීලාල් සහබන්දු මහතා BUILDING BEYOND 2019 ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය අමතමින්   ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථාන ලෙස සැලකෙන ජාතික තලයේ මහා පරිමාණ ඉංජිනේරු ව්‍යාපෘති කිහිපයක උදාහරණ ගනිමින්, ඒවා ගොඩනැගීමේදී පැන නැගුණු ප්‍රයෝගික ගැටළු සහ ඒවා නිරාකරණය කිරීමට තම ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම භාවිතයට යොදාගත් ආකාරය මෙම සෑම දේශනයකම ප්‍රධාන තේමාව විය. දේශන අවසානයේ ඒ ආශ්‍රිතව සිසුන්ට පැනනැගුණු ගැටළු විමසීම සඳහා සාකච්ඡා සැසියක් ද පැවැත්වුණු අතර මෙහයවන ලද්දේ ටෝකියෝ සුපර්මික්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු. ජානක පෙරේරා මහතා විසිනි. ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්‍ෂ ආචාර්ය M.G.M.U. ඉස්මයිල් මහතා සිය දේශනය පවත්වමින් ඉංජිනේරු සිසුන්ට න්‍යායාත්මක දැනුමට එහා ගිය ප්‍රයෝගික පුහුණුව සහ භාවිතාව පිළිබඳ උදාහරණ රැසක් මෙන්ම වත්මන් ලෝකයේ ඉංජිනේරු ක්ෂේත්‍රයට සරිලන පර්යේෂණ විෂයධාරා තෝරාගැනීමේ වැදගත්කම පිලිබඳ පුළුල් අවබෝධයක් ලබාදුන් BUILDING BEYOND 2019 ඉංජිනේරු තාක්‍ෂණික සම්මන්ත්‍රණය, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සවිධානය කළ ප්‍රථම වතාව මෙයයි. අප රට මේ වන විට යොමුව සිටින වේගවත් සංවර්ධනයේ අති සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ඉංජිනේරුවන්ට සහ ඊට එක්වීමට සිටින ඉංජිනේරු සිසුන්ට නව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසන මෙවන් විද්වත් සම්මන්ත්‍රණ හරහා අපගේ ඉදිකිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට නව පන්නරයක් ලබාදීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අභිප්‍රායයි. මින් ඉදිරියටත් මෙවන් සම්මන්ත්‍රණ තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදෙමින්, අප රටේ වේගවත් සංවර්ධනයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ ටෝකියෝ සිමෙන්ති සමුහයේ පොරොන්දුව ඉටු කිරීමට සමාගම නිරතුරුව කැපවී සිටී.