නවතම පුවත්

News Image
ටෝකියෝ සිමෙන්ති සමූහයේ Build Beyond 2026 සමුළුවේදී තිරසර ඉදිකිරීම් තාක්ෂණ‍යට පෙරදැක්මක්

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ සිවිල් සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විශේෂඥයින් සහ වෘත්තිකයන් අතර දැනුම් හුවමාරුව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Build Beyond 2026’ ඉංජිනේරු තාක්ෂණික සමුළුව නොබෝදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. සුප්‍රසිද්ධ ඉදිකිරීම් තාක්ෂණ විශේෂඥයින් වන ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් යන

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ සිවිල් සහ ව්‍යුහාත්මක ඉංජිනේරු විශේෂඥයින් සහ වෘත්තිකයන් අතර දැනුම් හුවමාරුව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Build Beyond 2026’ ඉංජිනේරු තාක්ෂණික සමුළුව නොබෝදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. සුප්‍රසිද්ධ ඉදිකිරීම් තාක්ෂණ විශේෂඥයින් වන ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් යන මහත්වරුන් මෙවර සමුළුවේ ප්‍රධාන දේශන පැවැත්වූහ.



මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස්, ‘Build Beyond 2026’ සමුළුව අමතමින්

සමුළුවේ තවත් ප්‍රධාන අංගයක් වූයේ ඉදිකිරීම් කර්මාන්තයේ කීර්තිමත් වෘත්තීයවේදීන් කිහිප දෙනෙකු සහභාගී වූ “තිරසාර ඉදිකිරීම් අනාගතයක් ගොඩ නැගීම” යන මැයෙන් පැවති විද්වත් සංවාදයයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශ ප්‍රධානී මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා විසින් මෙහෙයවන ලද එම සාකච්ඡා සැසියට, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ (CCI) මහලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක විජේරත්න, උස් ගොඩනැගිලි සහ නාගරික සැලසුම්කරණය පිළිබඳ ශ්‍රී ලංකා කවුන්සිලයේ (CTBUH) සභාපති සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (GBCSL) උප සභාපති ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ සංගමයේ (SSE-SL) සාමාජික සහ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා උපදේශක ඉංජිනේරු සංගමයේ කවුන්සිල සාමාජික ඉංජිනේරු ආනන්ද සෙනරත් සහ ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ (CIOB) සභාපතිවරයා සහ දකුණු ආසියානු ලීන් ඉදිකිරීම් සංගමය (SALCA) හි සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න යන විද්වතුන් සහභාගීව සිටියහ.



මහාචාර්ය කුෂාන් විජේසුන්දර විසින් මෙහෙයවන ලද, ඉංජිනේරු ආනන්ද සෙනරත්, ඉංජිනේරු නිශ්ශංක විජේරත්න, ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු, සහ ආචාර්ය රොහාන් කරුණාරත්න සහභාගීවූ ‘Build Beyond 2026’ සමුළුවේ විද්වත් සාකච්ඡාව

දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය උදෙසා ලොව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවීනතම තාක්‍ෂණික ප්‍රවේශයන් උකහා ගැනීමේ අරමුණින් පවත්වන ලද මෙම සමුළුවට, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියළු අංශ නියෝජනය කරමින් විශ්ව විද්‍යාල, ප්‍රමුඛතම ඉංජිනේරු තාක්ෂණ පීඨ සහ උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් ඉංජිනේරු විද්‍යාර්ථීන්, පර්යේෂයකයින්, සිසුන් මෙන්ම ප්‍රමුඛතම රාජ්‍ය හා පෞද්ගලික ඉදිකිරීම් ආයතන රැසක ඉංජිනේරු උපදේශකයින් සහ වෘත්තීයවේදීන් 400කට අධික පිරිසක් සහභාගීව සිටියහ.



ශ්‍රී ලංකාවේ සිවිල් සහ ව්‍යුහාත්මක ඉංජිනේරු අංශවල විද්වතුන්, ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ වෘත්තිකයන් නියෝජනය කරමින් Build Beyond 2026 සමුළුවට සහභාගීවූ අමුත්තන්

තිරසර ඉදිකිරීම් ක්ෂේත්‍රයක් උදෙසා පිටිවහලක් සපයන තාක්ෂණික භාවිතයන් සහ නවතම ඉංජිනේරුමය හැදෑරීම් අපගේ වෘත්තීයවේදීන් සමග බෙදා ගැනීමට අවස්ථාව සැලසූ මෙම සමුළුවේදී, ගෝලීය ප්‍රවණතාවන්ට අනුගතව සැකසූ පරිසර හිතකාමී සිමෙන්ති සහ කොන්ක්‍රීට් නවෝත්පාදන හඳුන්වාදීම මෙන්ම ක්ෂේත්‍රයේ නියැලී සිටින විශේෂඥයන්ට සිය සහෘදයින් සමග අදහස් හුවමාරුවට ද අවස්ථාව සැලසිණි.

මීට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය නියෝජනය කරමින් සමුළුව ඇමතූ එහි පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය එම්.ජී.එම්.යූ. ඉස්මයිල්, සහ නවෝත්පාදන අධ්‍යක්ෂ ප්‍රවීන් ඥානම් මහත්වරුන් සමාගම විසින් දියත් කරඇති තිරසාර සහ නව්‍ය සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිපැයුම් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් කළහ.





සමුළුවට සහභාගිවූ ඉංජිනේරු විශේෂඥයන්ගේ පැසසුමට ලක්වූ මෙම විද්වත් සමුළුව, ටෝකියෝ සිමෙන්ති සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නවීනතම දැනුම යොදවා ගැනීමේ අරමුණින් පැවත්වූ තවත් එක් වැඩසටහනකි. මින් ඉදිරියටත් මෙවන් වැඩසටහන් තුළින් ලොව ඉහළතම තාක්‍ෂණික දැනුම අපේ වෘත්තියවේදීන්ට ලබාදෙන ටෝකියෝ සිමෙන්ති සමුහය අප රටේ වේගවත් සංවර්ධනය සලකුණු කෙරෙන දැවැන්ත ගොඩනැගිලි සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක නියමුවා ලෙස ශ්‍රී ලංකාවේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැංවීමේ සිය පොරොන්දුව ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටී.- –

ඡායාරූපය: ඉන්දියානු තාක්ෂණ ආයතනයේ (IIT) මහාචාර්ය ශෂාන්ක් බිෂ්නෝයි, ‘Build Beyond 2026’ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින්.

News Image
ලෝක පරිසර දිනය අරුත්ගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගම කඩොලාන පැළ 100,000ක් සිටුවීම සමරයි

ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර ප්‍රජාවන් සහ වෙරළ සංරක්ෂණ ප්‍රජා කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා ලබාදුන් අද්විතීය සහයෝගීතාවය මෙහිදී තුතිපූර්වකව

ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර ප්‍රජාවන් සහ වෙරළ සංරක්ෂණ ප්‍රජා කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා ලබාදුන් අද්විතීය සහයෝගීතාවය මෙහිදී තුතිපූර්වකව සිහිපත් කෙරිනි.

2012 වසරේ දී ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයේ කඩොලාන පැල තවානක් පිහිටුවීමෙන් ඇරඹි මෙම දූරදර්ශී ව්‍යාපෘතිය, යුධ සමයේදී ආරක්ෂක හේතූන් මත ඉවත් කරන ලද වෙරළබඩ කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය අරමුණු කර ගෙන දියත් කෙරිනි. එහි පළමු පියවර වශයෙන් සංරක්ෂණ විශේෂඥයින්ගේ මඟ පෙන්වීම යටතේ, ටෝකියෝ නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලාවට යාබද අක්කර 20 ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි සමාගමේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව කඩොලාන පැළ 17,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී. මෙම මුලපිරීම අද වන විට, දිවයිනේ උතුරු සහ ඊසානදිග වෙරළ තීරය පුරා පුළුල්ව දියත් කර ඇත. ටෝකියෝ සිමෙන්ති කඩොලාන පැල තවාන මඟින් දේශීය කඩොලාන විශේෂ අටකට අයත් පැළ 7,500 ක් වාර්ෂිකව රෝපණය කර බෙදා හැරේ. අදටත් ශ්‍රී ලංකා නාවික හමුදාව නැගෙනහිර, උතුරු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල කඩොලාන වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනු ලබයි.





ත්‍රිකුණාමලයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති කඩොලාන තවාන වාර්ෂිකව පැළ 7,500කට වඩා රෝපණය කර බෙදා හරියි

මිරිදිය සමඟ මුහුදු ජලය මිශ්‍රවන ගොහොරු පරිසරයට අනුවර්තනය වුනු සුවිශේෂී ශාඛ විශේෂ වලින් සැදුනු සංකීර්ණ ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතීන් කඩොලාන ලෙස හැඳින්වේ. ඒවායේ විශේෂයෙන් අනුවර්තනය වුනු මුල් ජාලය මගින් ගංගා ජලයේ ගසාගෙන එන පස් සහ ලවණ අවසාදිත රොන්මඩ මුහුදට සේදී යාම වළක්වනවාසේම උදම් රළ පහරින් ගොඩබිම ඛාදනයවීම ද වළක්වයි. සිය ගණනක් සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම විවිධ උරගයින්, උභයජීවීන් සහ ක්ෂීරපායින් දහස් ගණනකට ද වාසස්ථාන සැපයීමට අමතරව බොහෝ මත්ස්‍ය විශේෂ සිය ජීවන චක්‍රය ආරම්භ කරන්නේ කඩොලාන පරිසරය ආශ්‍රිතව වීම ද ඒවායේ පාරිසරික වටිනාකම වැඩි කරවයි. මෙම අතිවිශේෂ තෙත්බිම් පරිසර පද්ධතිය මත යැපෙන දහස් ගණනක් ජීවීන් අතරට ධීවර හා සංචාරක ඇතුළු වාණිජ කටයුතු සඳහා කඩොලාන පරිසරය භාවිතා කරන වෙරළබඩ මිනිස් ප්‍රජාව ද අයත් වේ.





ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු අර්ධද්වීපය පුරා කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරයි

සංවර්ධන ක්‍රියාකාරකම් මෙන්ම නීති විරෝධී ආක්‍රමණයන් හේතුවෙන් ඉතා සීග්‍රයෙන් විනාශවීමේ දැඩි තර්ජනයකට මුහුණ පා ඇති මෙම සංකීර්ණ ජෛව පද්ධතීන් තිරසාරව කළමනාකරණය කිරීම, ගෝලීය උණුසුම්වීම හේතුවෙන් පෘථිවිය මත වෙසෙන සියලුම ජීවීන්ට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

නැගෙනහිර වෙරළ තීරයේ වටිනා පාරිසරික පද්ධතියක් වන කඩොලාන වනගහනය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් දියත් කෙරුණු ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ සාර්ථකත්වය, රටට සහ අපගේ අනාගත පරපුර වෙනුවෙන් හිමිකර දීමට හැකිවීම ටෝකියෝ සිමෙන්ති සමාගමට මහත් ආඩම්බරයට කරුණකි.

මෙම වැඩසටහනට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් බොහෝ දෙනෙකුගේ අවධානය හිමි නොවන පාරිසරික ක්ෂේත්‍ර කිහිපයක ඉතාමත් දූරදර්ශී සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. පාරිසරික සංරක්ෂණය කෙරෙහි ටෝකියෝ සිමෙන්ති සමූහය දක්වන කැපවීම ජීවමාන කරවන මෙවන් දූරදර්ශී වැඩසටහන් තුලින්, තම රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව සනාථ කරවයි.

News Image
ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘ඉවුරු රකින පවුරු’ 2026 අදියරට නවසීලන්ත රග්බි කණ්ඩායමේ සවිය

ටෝකියෝ සිමෙන්ති සමූහය, මහවැලි අධිකාරිය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන ඉවුරු රකින පවුරු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ 2026 අදියර, සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොබෝදා මහනුවර පොල්ගොල්ල වේල්ල අසලදී දියත් කරන ලදී. මහවැලි ගං ඉවුරු ප්‍රතිස්ථාපන සඳහා වන තිරසාර කැපවීම සනිටුහන් කරමින් එහි ඉවුර දිගේ කුඹුක් පැළ 100 ක් සිටුවීමට සංවිධානය කල

ටෝකියෝ සිමෙන්ති සමූහය, මහවැලි අධිකාරිය සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන ඉවුරු රකින පවුරු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ 2026 අදියර, සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නොබෝදා මහනුවර පොල්ගොල්ල වේල්ල අසලදී දියත් කරන ලදී. මහවැලි ගං ඉවුරු ප්‍රතිස්ථාපන සඳහා වන තිරසාර කැපවීම සනිටුහන් කරමින් එහි ඉවුර දිගේ කුඹුක් පැළ 100 ක් සිටුවීමට සංවිධානය කල මෙම චාම් උත්සවයට, නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමේ සාමාජිකයින් සමඟ මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරීන් මෙන්ම, පොල්ගොල්ලේ මහනුවර ආදර්ශ පාසලේ සිසුන් සහ ප්‍රදේශයේ ගොවිපවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්වූහ.

සිය ජාතික වගකීමෙහි තවත් පියවරක් සටහන් කරමින් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දියත් කර ඇති වන වගා ක්‍රියාන්විතයේ දිගුවක් ලෙස, අධිසංවේදී මහවැලි ගංගා රක්ෂිතයන් තිරසාරව කළමනාකරණයට උරදීම ඉවුරු රකින පවුරු දූරදර්ශී වැඩසටහනෙහි අරමුණයි.

මහවැලි අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය සමඟ එකමුතුවෙන් 2017 වසරේ සිට ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මඟින් මහවැලි ගංගා ද්‍රෝණියේ මනස්කාන්ත ඉවුරු දෙපස ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ අනුග්‍රහය යටතේ කුඹුක් සහ මී පැළ සිටුවනු ලැබේ. මීට අවශ්‍ය පැළ ත්‍රිකුණාමලය සහ මහියංගනයේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් දෙක මඟින් සපයනු ලැබේ. ටෝකියෝ සිමෙන්ති සමූහයේ වන රෝපණ පැල තවාන් ව්‍යාපෘතිය, පසුගිය වසර කිහිපය පුරා රටේ අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින් කුඹුක්, කරඳ, මී සහ ඉඟිනි වැනි ඖෂධීය වටිනාකමක් සහිත, රටේ ඕනෑම දේශගුණික කලාපයක සිටුවිය හැකි, ස්වදේශික වනාන්තර පැළෑටි ප්‍රචාරණය කරයි. විවිධ ප්‍රජා හා රාජ්‍ය ආයතන විසින් සංවිධානය කෙරෙන දිවයින පුරා පැවැත්වෙන රුක් රෝපණ වැඩසටහන් සඳහා මෙම පැල ලබාදෙයි.





මහවැලි ගං ඉවුරු දෙපස පැළ සිටුවීමේ වැඩසටහන් සඳහා මහවැලි අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය විසින් ඒ ඒ පළාත්වල රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, විවිධ ප්‍රජා සංවිධාන, පාසල් දරුවන් සහ ප්‍රාදේශීය ගොවි ප්‍රජාවන්ගේ සහාය ලබා ගැනේ. මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවල අවියෝජනීය පවුරක් බවට පත්වන තෙක් මෙම රුක්ෂලතා තීරය අනාගත පරම්පරාවන් වෙනුවෙන් රැකබලා ගැනීම ව්‍යාපෘති හවුල්කරුවන් විසින් සිදු කරනු ලබයි.





වන රෝපණ පැල තවාන් හරහා දේශීය රුක්ෂලතා ප්‍රචාරණය කිරීම ඇතුළු තිරසාර පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. පරිසර සංරක්ෂණය කෙරෙහි සමාගම දක්වන කැපවීම ජීවමාන කරවන මෙම වැඩසටහන් මගින්, අප රට, අපේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම ටෝකියෝ සිමෙන්ති සමූහය තම ව්‍යාපාරික දැක්මේ නිසග කොටසක් බවට පත්කරගෙන ඇතිබව ප්‍රකට කරවයි.–

News Image
2026 වසරේ හොඳම අලෙවි නියෝජිතයින්ට ටෝකියෝ සිමෙන්ති සමූහයේ හරසර

සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීම උදෙසා සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. මෙහිදී, දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් අතරින්, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත ආයතනයට හිමි සම්මානය දිනාගත් අතර, ෂන්මුගම් ස්ටෝර්ස්

සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීම උදෙසා සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. මෙහිදී, දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් අතරින්, යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ආයතනය 2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත ආයතනයට හිමි සම්මානය දිනාගත් අතර, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, යන ආයතන පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයන් දිනාගන්නා ලදී. ඊට අමතරව, දැවැන්ත අභියෝග රැසක් හමුවේ 2026 වසර පුරා තම ව්‍යාපාරික ප්‍රගමනයට අඛණ්ඩ සහයෝගයක් ලබාදෙමින් ඉලක්ක සපුරාගත් අලෙවි නියෝජිතයින් 135ක් ද එහිදී ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳූහ.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සහ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්.ආර්. ඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විචිත්‍රවත් සම්මාන උත්සවයට, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්. දයානන්දන්, සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී දශන්ත උඩවත්ත යන මහත්වරු ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා දිවයිනේ නන්දෙසින් පැමිණි අලෙවි නිලධාරී මහත්මමහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

එදින ජයග්‍රහණය ලැබූ සියලු ව්‍යාපාරික සහකරුවන්ට තම සුභපැතුම් එක් කළ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, පසුගිය වසරේ අත්දැකීමට සිදුවූ ඉතාමත් අවිනිශ්චිත ව්‍යාපාරික වටපිටාව මධ්‍යයේ වුවද, පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව සුරැකීමට ලොකු කුඩා සියළුම අලෙවි නියෝජිතයින් දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුන්ට සිය ගෞරවය පුදකරසිටි අතර, එළඹෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට සමාගමට ලබාදෙන දිරිය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පිරිනැමීය.

තම සමාගම කෙරෙහි විශ්වාසය තබා තිබෙන දිවයින පුරා විසිරී සිටින සියළු ව්‍යාපාරික සහකරුවන් වෙත සිය ගෞරවනීය ස්තුතිය පළකළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එස්. ආර්. ඥානම් මහතා උත්සවය අමතමින්, “අපේ මේ ව්‍යාපාරික එකමුතුව සැබවින්ම දශක ගණනාවක් පුරා අතුපතර විහිදුවමින් වැඩෙන දැවැන්ත රුක්ෂයක් වගේ. එහි අරටුව වන්නේ අද මේ රැස්ව සිටින අලෙවි නියෝජිතයින්. එම ගස, අද වනවිට එහි සෙවන ලබන සහ ඒ මත යැපෙන විශාල පරිසර පද්ධතියක් සුපෝෂණය කරනු ලබනවා. අපේ රට, එහි ජනතාව සහ අපේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම උදෙසා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගන්නා සියළු උත්සාහයන්ට ශක්තිය සපයන්නේ ඔබ විසින් බව මම කියා සිටින්නේ ඉතා ආඩම්බරයෙන්.” බව පැවසීය.





2026 වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිත – යාපනයේ සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්‍ෂතුමන් අතින් සිය සම්මානය ලබාගනිමින්



2026 වසරේ හොඳම අලෙවි නියෝජිත දෙවන ස්ථානය හිමිකරගත් ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය



2026 වසරේ හොඳම අලෙවි නියෝජිත තුන්වන ස්ථානය හිමිකරගත් නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල



සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ප්‍රතිඥා දී ඇති අතර, ‍රට පුරා පැතිරුනු සමාගමේ අලෙවි නියෝජිත ජාලය එහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

දිවයින පුරා විසිරුණු තම ශක්තිමත් අලෙවි නියෝජිත ජාලය සමඟ එක්ව, ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය ඉදිකිරීම් කර්මාන්තය සැබෑ පරිවර්තනයකට ලක් කරමින් NIPPON CEMENT, TOKYO SUPER, NIPPON CEMENT PRO සහ ATLAS CEMENT වැනි කීර්තිමත් සිමෙන්ති නිෂ්පාදන සහ, දිවයිනේ ප්‍රමුඛතම පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන TOKYO SUPERMIX මෙන්ම, වඩාත් ජනප්‍රිය TOKYO SUPERBOND, TOKYO SUPERSEAL සහ TOKYO SEUPERCAST වැනි නවමු වියළි බදාම නිෂ්පාදන පරාසය ඇතුළු විශ්වාසනීය සන්නාම මාලාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.

දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.–



ඡායාරූපය : 2026 වසරේ හොඳම අලෙවි නියෝජිත පළමු පෙළ ජයග්‍රාහකයින්, ටෝකියෝ සිමෙන්ති සභාපතිතුමා, කළමනාකාර අධ්‍යක්‍ෂතුමා සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී – දශන්ත උඩවත්ත මහතා සමඟ

News Image
SUPERBRANDS කිරුළ හිමි එකම සිමෙන්ති සන්නාමය බවට TOKYO SUPER පත්වේ

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් වෙළඳපොලට ගෙන එන, ප්‍රමිතිගත ගුණාත්මකභාවයෙන් සහ ප්‍රශස්ථ කාර්‍යසාධනයෙන් අංක1 ස්ථානය හිමිකරගත් සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER, 2025 වසර සඳහා SUPERBRANDS තත්ත්වය හිමිකරගෙන ඇත. වෙළඳපොලේ ඇති ප්‍රමුඛතම සහ වටිනාම සන්නාම අතරින් වඩාත් ජනාදරයට සහ පාරිභෝගික බුහුමනට පාත්‍රවූ සන්නාම ඇගයීම උදෙසා නොබෝදා පැවති අති උත්කර්ෂවත් SUPERBRANDS සම්මාන උළෙලේදී TOKYO SUPER වෙත මෙම ගෞරව නාමය පිරිනමන ලදී.

ඉහළම තත්ත්ව සහතික සහ කාර්‍යසාධන ප්‍රමිතීන් සපුරාලමින් වෙළඳපොළට එන TOKYO SUPER, ඉදිකිරීම් කර්මාන්තයේ අසමසම ගුණාත්මකභාවයක් හිමි නිපැයුමක් ලෙස ස්ථාපිත වී ඇත. දිවයිනේ වඩාත්ම ජනප්‍රිය සිමෙන්ති සන්නාමය වන TOKYO SUPER සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) සහ වෙළඳපොලේ හරිත සහතිකය හිමි ප්‍රමුඛතම සිමෙන්ති වන TOKYO SUPER සං‍යෝග කරනලද ද්‍රාව සිමෙන්ති (BHC) ලෙස පාරිභෝගිකයින් වෙත එන TOKYO SUPER යනු 2025 SUPERBRANDS ජයග්‍රාහකයින් අතර සිටින එකම සිමෙන්ති සන්නාමයයි. තවද, TOKYO SUPER සතු විශ්වසනීය කීර්ති නාමය, කාර්යක්ෂමතාවයෙන් ඉහළ ජල ආරක්ෂක ආලේපන, බිත්ති ප්ලාස්ටර්, කපරාරු මෝටාර් සහ වෙළඳපොළ අංක එකේ ටයිල් මැලියම් ඇතුළු නව්‍ය, වියළි බදාම ආශ්‍රිත ගොඩනැගිලි අමුද්‍රව්‍ය සමූහයක් පුරා පැතිරී ඇත.

දශක ගණනාවක සිට රටේ වඩාත්ම ගෞරවනීය සන්නාම අතර ශ්‍රේණිගතවීම් ලබා ඇති TOKYO SUPER, වෙළඳපොළට ගෙනඑනු ලබන්නේ දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමයක් වන ටෝකියෝ සිමෙන්ති සමූහය‍යි. TOKYO SUPER සිමෙන්ති සන්නාමය ලොව පිළිගත් SUPERBRANDS සම්භාවනාවට පාත්‍රවීම, ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයට වසර 44ක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ලබාදුන් අසහාය නායකත්වය වෙනුවෙන් මෙතෙක් උපයාගෙන ඇති කීර්තිමත් සම්මාන ලැයිස්තුවට එක්වූ ආසන්නතම පිළිගැනුමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ලැයිස්තුගත සිමෙන්ති නිෂ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහය අනර්ඝ තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක වියළි බදාම ආශ්‍රිත නිපැයුම් පෙළක වෙළඳපොළ ප්‍රමුඛයා වේ. සංවර්ධන ගමන්මගේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සනිටුහන් කරන සුවිශේෂී ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් සැපයීමෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය ජාතිය ගොඩනැගීමේ විශ්වාසදායක සහ ප්‍රමුඛතම් හවුල්කරු ලෙස එහි වෙළඳපොළ නායකත්වය තහවුරු කර ගෙන ඇත.

සුපර්බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා යනු රටවල් 90 ක් පුරා ක්‍රියාත්මක එංගලන්තයේ SUPERBRANDS WORLDWIDE ආයතනයේ දේශීය නියෝජිතයා වන අතර, එය සන්නාම විශිෂ්ඨත්වය අගැයීමට ලක්කරනා ලොව විශාලතම ස්වාධීන තීරකයා වේ. සෑම වසරකම පවත්වනු ලබන පුළුල් පරාසයක පැතිරුනු ගවේෂණ ක්‍රියාවලියක් හරහා ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගන්නා සන්නාම සඳහා SUPERBRANDS තත්ත්වය පිරිනමනු ලබන අතර, එමඟින් සන්නාමයක කීර්ති නාමයට ලොවම පිළිගත් ගෞරව සහතිකයක් ලබාදේ.

ඡායාරූපය: (වමේ සිට)

ෆ්‍රෑන්ක් ගේබ්‍රියෙල් – සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ), LMD, ෂරිෆුල් ඉස්ලාම් – සභාපති, සුපර්බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා, ඩී.එස්. (බිලී) වල්පොල – අලෙවි අධ්‍යක්ෂ, ටෝකියෝ සිමෙන්ති සමූහය, නිපුන පෙරේරා – අලෙවි කළමනාකාර – ආයතනික සහ අගය එකතු කළ නිෂ්පාදන, ටෝකියෝ සිමෙන්ති සමූහය, බ්‍රයන් එමැනුවෙල් – කළමනාකාර අධ්‍යක්ෂ, LMD

News Image
ටෝකියෝ සිමෙන්ති සමූහයේ අර්ථවත් සමාජ වගකීම් මෙහෙය 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ ඇගයුමට

සමාජයීය ප්‍රගමනය සහ පාරිසරික තිරසාරභාවය සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිගුකාලීන කැපවීම ඇගයීමට ලක් කරමින්, නොබෝදා පැවති SLIM සන්නාම විශිෂ්ඨතා 2025 සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. රටේ අනාගත සුභසිද්ධිය මෙන්ම සියළු සමාජ ස්ථරයන්ගේ අභිවෘද්ධිය කෙරෙහි බලපාන තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක අර්ථවත් මෙන්ම සාධනීය ප්‍රතිඵල දැනටමත් සාක්ෂාත්කරදී ඇති,

සමාජයීය ප්‍රගමනය සහ පාරිසරික තිරසාරභාවය සඳහා ටෝකියෝ සිමෙන්ති සමූහයේ දිගුකාලීන කැපවීම ඇගයීමට ලක් කරමින්, නොබෝදා පැවති SLIM සන්නාම විශිෂ්ඨතා 2025 සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.

රටේ අනාගත සුභසිද්ධිය මෙන්ම සියළු සමාජ ස්ථරයන්ගේ අභිවෘද්ධිය කෙරෙහි බලපාන තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක අර්ථවත් මෙන්ම සාධනීය ප්‍රතිඵල දැනටමත් සාක්ෂාත්කරදී ඇති, පරිසර සංරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් හරහා ජාතික පරිවර්තනයක් ඇතිකරවීමට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් ගන්නා උත්සාහය මෙම සම්මානයෙන් ඇගයීමට පාත්‍රවිය.

මෙසේ ඇගයීමට ලක්වුනු ටෝකියෝ සිමෙන්ති සමූහයේ ප්‍රමුඛතම පාරිසරික සං‍රක්ෂණ වැඩසටහන් අතරට කඩොලාන වන ගහනය නැවත ප්‍රතිස්ථාපනය, වනාන්තර ශාඛ පැල තවාන්, කොරල් පර පුනරුත්ථාපනය, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණ ව්‍යාපෘති, සහ තිරසාර හා හරිත අනාගතයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනික ව්‍යාපෘතියක් වන පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන ඇතුළත් වේ. දශක ගණනාවක් පුරා විශේෂඥ ව්‍යාපෘති හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති සියල්ලම තුලින් කැපී පෙනෙන සන්ධිස්ථාන රැසක් අත්පත් කර ගැනීමට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත්ව සිටී.

පාරිසරික සං‍රක්ෂණයට අමතරව, සෑම තරාතිරමකම පුද්ගලයින් සහ ප්‍රජාවන්ට තමන් සතු හැකියාවන් ඔප්නංවාගෙන ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවිතයේ අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවන පරිදි, ස්වෝත්සාහයෙන් නැඟීසිටීමට අත්වැලක් සපයන ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නායකත්වය සපයන ප්‍රජා සේවා ව්‍යාපෘතීන්ද මෙම සම්මානයෙන් පැසසුමට ලක්විය. ඒ අතරින් දඹුල්ල සහ ත්‍රිකුණාමලයේ පිහිටි ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම ප්‍රජා සවිබලගැන්වුම් මධ්‍යස්ථාන, දිවියට දිය දහරක් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය සහ තෝරාගත් දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදෙන සුපෝෂිත දැයක් යන ව්‍යාපෘතීන් හරහා ග්‍රාමීය ජනජීවිත නඟාසිටුවීම අරභයා සපයන විශිෂ්ඨ සේවය පැසසුමට ලක්කෙරිනි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ව්‍යාපාරික සන්නාම අතරින් තෝරාගත් පාරාමිතික ඛාණ්ඩයන් තුල විශිෂ්ඨ ඉලක්කයන් අත්පත් කරගත් සන්නාම ඇගයීම උදෙසා සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උලෙළ ශ්‍රී ලාංකීය අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම උත්සවයයි. මෙවර සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ඨතම ආයතනික සමාජ වගකීම් සන්නාම (CSR) කාණ්ඩයේ කුසලතා සම්මානයෙන් පිදුම්ලැබීම, සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස අප රට, රටේ ජනතාව සහ රටේ පරිසරය ස්ථිරසාර අන්දමින් නගාසිටුවීම හා රැකගැනීම තම ව්‍යාපාරික ගමන්මගේ නිසග කොටසක් බවට පත්කරගැනීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහයට ලැබුනු ඉහළම සහතිකයකි. ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක ගණනාවක් පුරා උසස්ම තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති පාදක නව්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය නිපදවීමෙන් ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා සිටින ටෝකියෝ සිමෙන්ති සමූහය ඒ හරහා අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සිය දැක්ම මුදුන්පැමිණිවීමට කැපවී සිටියි.


පසුගිය පුවත් නිවේදන

2026JanFebMarAprMayJunJulAugSepOctNovDec
2025JanFebMarAprMayJunJulAugSepOctNovDec
2024JanFebMarAprMayJunJulAugSepOctNovDec
2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec